ප්‍රවීණ කිවියර බුද්ධදාස ගලප්පත්ති විසින් රචිත නවතම කාව්‍ය ග්‍රන්ථය වන ‘ගිරි හිස සිට’ ග්‍රන්ථය එළඹෙන 09 වැනි අඟහරුවාදා සවස 2.30 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ජනගත කිරීමට නියමිතය. මෙය බුද්ධදාස ගලප්පත්ති කිවියාගේ දොළොස්වැනි කාව්‍ය ග්‍රන්ථයයි.
මෙම උත්සවයේ අදහස් දැක්වීම කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක සහ කිවිඳි සුහර්ෂණී ධර්මරත්න විසින් සිදුකෙරෙන අතර සහෘද ආමන්ත්‍රණය සමන් අතාවුදහෙට්ටි සහ තනූජා ජයවර්ධන විසින් සිදුකරනු ලබයි.