Toxoplasma gondii පරපෝෂිතයා ආසාදනය විය හැකියි
මිනිස් වාසයේ ගැවසෙන බළලා නිසා විවිධ රෝගාබාධයන් ඇති වන බවට වූ අනතුරු දැනුම් දීම අප කාටත් ඉතාම හොඳින් හුරු පුරුදුයි. බළල් මයිල් නිසා පීනස, ඇදුම වැනි ශ්වසන මාර්ගය ආශ්‍රිත ආසාත්මිකතාවයන් ඇති වීම ගැන අප බොහෝ දැනුවත්. ඒ වගේම බළල් වසුරු නිසාත් විවිධ රෝගාබාධයන් ඇති වීම නිසා බළලා අතේ දුරින් තබා ගැනීමට අවශ්‍ය සුරතලෙක් බවට පත්ව තිබෙනවා. ගර්භණී මව්වරුන් බළල් වසුරුවලට නිරාවරණය වුණොත් අනාගතයේ උපත ලබන දරුවන් විවිධ රෝගාබාධ තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් ඇති බවටත් පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා. ඒ නිසාම ගර්භණී කාලයේදී බළලුන් සමග ආශ්‍රය එතරම් සුදුසු නැහැ. මේ වන විටත් පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට ලෝකය පුරා බිලියන තුනක පමණ ජනගහනයක් බළලුන් නිසා ආසාදනයට පත්වී සිටිනවා.
බළලුන් සමග ජීවත්වන Toxoplasma gondii
මැලේරියාව වැනි රෝග තත්ත්වයන් ඇති වීමටත් දුර්ලභ ඉඩ කඩක් ඇති මෙම පරපෝෂිතයා Toxoplasma gondii යන නමින් හැඳින්වෙනවා. ආසාදිත පක්ෂින් සහ මීයන් වැනි සතුන් ආහාරයට ගැනීම නිසා බළලුන්ට මෙම පරපෝෂිතයා ශරීරගත වෙනවා. නමුත් ඒ පරපෝෂිත තත්ත්වය ඇතුළු වීම නිසා සෑම බළලෙක්ම ආසාදිත වුණත් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ.
සමහර අවස්ථාවලදී Toxoplasma රෝග තත්ත්වයට පත් බළලුන්ගේ අක්මාව සහ ස්නායු පද්ධතියට ඇති වන බලපෑම නිසා ඔවුන් අන්ධභාවයට පත් වීම වගේම සෙංගමාලය වැනි රෝග තත්ත්වයන්ටත් ගොදුරු වීමේ අවස්ථාවක් තිබෙනවා. එක්සත් ජනපදයේ බළලුන් අතර 40% ක් පමණම Toxoplasma පරපෝෂිත තත්ත්වය නිසා ආසාදිත බවට පත්ව සිටින බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.
මානසික තත්ත්වය වෙනස් වීම
මෙම පරපෝෂිත තත්ත්වය නිසා උණුසුම් රුධිරය ඇති සත්වයන්ගේ මානසික තත්ත්වයටත් යම් බලපෑමක් ඇති වන බැව් මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයන් මගින් හඳුනාගෙන තිබෙනවා.Toxoplasma රෝගී බළලෙකුගේ වසුරු පරිසරයේ ජීව ස්වභාවයෙන් පවතින අතර මෙම Toxoplasma gondii රෝග පරපෝෂිතයාට ලිංගික කාර්යක නිරත විය හැක්කේ බළලුලෙකුගේ උදරයේදී පමණයි. මීයෙකු මෙම පරපෝෂිත තත්ත්වයට නිරාවරණය වීමෙන් පසුව Toxoplasma gondii විසින් මීයාගේ බඩවැල් තුළ ජීවත් වීමට පටන් ගන්නවා. නමුත් මීයා සමග ලිංගික ක්‍රියාකාරීත්වයක් සිදු නොකරන අතර ඒ වෙනුවෙන් බළලෙකු සමග සම්බන්ධ වීමටත් පරපෝෂිතයාට අවස්ථාවක් නැහැ.
මේ තත්ත්වය නිසා Toxoplasma gondii විසින් මීයාගේ බඩවැල් තුළ වාසය කරමින් ඔවුන්ගේ මානසික තත්ත්වය වෙනස් කිරීමට පටන් ගන්නවා Toxoplasma gondii පරපෝෂිත තත්ත්වයට නිරාවරණය වුණ මීයන් බළලාට එතරම් බියක් දක්වන්නේ නැහැ. සාමාන්‍යයෙන් මීයා බළල් මුත්‍රාවලට පවා බියක් දක්වනවා. එහෙත් Toxoplasma gondii ආසාදිත මීයන් බළලුන්ට එතරම් බියක් දක්වන්නේ නැහැ. මේ පිළිබඳව ජිනීවා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් අධ්‍යයනයක් ආරම්භ කළා.
ඔවුන් Toxoplasma gondii ආසාදිත මීයන් සහ Toxoplasma gondii ආසාදිත නොවන මීයන් කොටස් දෙකක් ගෙන තහඩුවක තබා ඔවුන්ගේ අත් අතරට නූල් යොදා පටලවා තැබුවා. ආසාදිත නොවන මීයන් ඉතා සීරුවට පැටලීම් ඉවත් කර ගත් නමුත් ආසාදිත මීයන් ඒ වෙනුවෙන් වැඩි කාලයක් ගත කළා.ඒ වගේම Toxoplasma gondii ආසාදිත මීයන් බළලුන් ඉදිරියේ දක්වන්නේ අවම බියක්. ඒ නිසාම මෙම මීයන් ඉතා පහසුවෙන් බළලුන්ගේ ගොදුරු බවට පත් වුණා.
මිනිස් සිරුරට ඇතුළු වුණොත්
නිවෙස්වල වාසය කරන බළලුන් Toxoplasma gondii පරපෝෂිත තත්ත්වයට ආසාදිත වීමෙන් පසුව සිදු වෙන මලපහ පස් සහ ශාක කොටස්වලට එකතු වෙනවා. මෙම පරපෝෂිත බීජාණු මිනිස් සිරුරට එකතු වීම සමග සෑම දෙනෙකුටම එක සමාන රෝග ලක්ෂණ ඇති කරන්නේ නැහැ. සමහර විට සෙම්ප්‍රතිශ්‍යාව, සුළු ශාරීරික අපහසුතා වැනි තත්ත්වයන් ඇති වුණත් දුර්වල ප්‍රතිශක්තිය ඇති පුද්ගලයන්ට නම් වැඩි බලපෑමක් ඇති වීමට ඉඩ තිබෙනවා.
එක්සත් ජනපදයේ ජනගහනයෙන් 20% ක් පමණ පිරිසකට මොළයේ සතුටු කලාපය උත්තේජනය නොවන රෝග තත්ත්වයෙන් පසුවන බැව් පෙනී ගියා. මෙම Toxoplasma gondii පරපෝෂිතයා මිනිස් සිරුරට ඇතුළු වීම නිසා අපේ මානසික තත්ත්වය යහපත් ලෙසින් උත්තේජනය කරන බැව් ලීඩ්ස් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යයනයක සඳහන් වෙනවා.
මෙම අධ්‍යයනයට සම්බන්ධ වුණ ජීව විද්‍යා පීඨයේ ප්‍රධානී වෛද්‍ය Glenn McConkey සඳහන් කරන අන්දමට පරපෝෂිත තත්ත්වයට නිරාවරණය වුණ පුද්ගලයන්ගේ මොළයෙන් ඩොපමින් හෝර්මෝනයේ නිදහස් වීම සතුටුදායක අන්දමින් පවතින බැව් පෙන්වා දුන්නා. ඒ නිසා ඩොපමින් හෝර්මෝනයේ ගැටලු නිසා ඇතිවන පාකින්සන්, අවදානයේ දුර්වලතාවයන් ආශ්‍රිත ගැටලු ස්නායු දුර්වලතාවයන් ආශ්‍රිත රෝගාබාධයන්හිදී මෙම පර්යේෂණ ප්‍රතිඵල සම්බන්ධ කර ගැනීමටත් අවස්ථාව තිබෙන බැව් ඔවුන් සඳහන් කරනවා.
කොලරාඩෝ විශ්ව විද්‍යාලයට අනුබද්ධ “බෝල්ඩ්ස් ලීඩ්ස් ” ව්‍යපාර අංශයේ මහාචාර්ය ස්ටෙෆනි කේ ජොන්සන් සහ මහාචාර්ය පීටර් ජොන්සන් සඳහන් කරන අන්දමට Toxoplasma gondii ආසාදිත පුද්ගලයන් Toxoplasma gondii ආසාදිත නොවන පුද්ගලයන්ට වඩා ව්‍යාපාරයන්හිදී දක්වන ප්‍රමුඛතාවය 1.4 ක ගුණයකින් ඉහළින් තිබුණා. ඒ වගේම Toxoplasma gondii ආසාදිත පුද්ගලයන් අසාදිතයන් නොවන අයට වඩා කළමනාකරණයේදී 1.7 ක ගුණයකින් ඉදිරියෙන් සිටි බවත් වාර්තා වෙනවා.
( CNET News ඇසුරෙන් )
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️