අවශ්‍ය ද්‍රව්‍ය
- පැය 6 ක් වතුරේ පොගවා බ්ලෙන්ඩ් කරගත් කඩල ග්‍රෑම් 500
- කුකුල් මස් ග්‍රෑම් 200
- කැරට් ග්‍රෑම් 50
- නිවිති කොළ ස්වල්පයක්
- ගම්මිරිස් කුඩු තේ හැඳි 3
- චොප් කරගත් ලූනු ගෙඩි 1
- කහ කුඩු තේ හැඳි 1/2
- චොප් කරගත් ඉඟුරු සුදු ලූනු මේස හැඳි 2
- අමු තුනපහ කුඩු තේ හැඳි 2
- බටර් මේස හැඳි 2 1/2
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- කරපිංචා ඉති 1
- වතුර කෝප්ප 1
සාදාගන්නා ආකාරය
කුකුල් මස්වලට ලුණු, ගම්මිරිස්, කහ සහ වතුර දමා තම්බාගන්න. රත්වූ භාජනයකට බටර් දමා එයට ඉඟුරු සුදු ලූනු පේස්ට් දමා හොඳින් තෙම්පරාදු කර ඉතිරි සියලුම අමුද්‍රව්‍ය දමා හොඳින් කලවම් කරගන්න. අවසානයට බ්ලෙන්ඩ් කරගත් කඩල සහ තම්බාගත් කුකුල් මස් පොඩියට කඩාගෙන එකතුකර සුප් එක උතුරවාගන්න.