අවශ්‍ය ද්‍රව්‍ය
- කඩල පරිප්පු කෝප්ප 2
- කහ කුඩු ස්වල්පයක්
- රස අනුව ලුණු සහ මිරිස් කුඩු
- බැද ගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
පරිප්පු හොඳින් සෝදා වතුර සහ කහ කුඩු එකතු කර පැය 5 ක් පමණ පෙගෙන්න තබන්න. පසුව වතුර ඉවත් කර කිචන් ටවල් එකකින් හොඳින් තෙත ඉවත් කර ගන්න. තෙල් රත්වූ පෑන් එකකට පරිප්පු එකතුකර රන්වන් පාට වනතුරු බැදගන්න. තෙල් බේරා ඉවතට ගෙන නිවෙන්න පෙර ලුණු කුඩු, මිරිස් කුඩු එකතු කර කලවම් කර ගන්න.