අවශ්‍ය ද්‍රව්‍ය
- කඩල පරිප්පු ග්‍රෑම් 200
- උම්බලකඩ අවශ්‍ය පමණට
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1
- සිහින්ව කපාගත් අමු මිරිස් කරල් 2
- කඩල පිටි තේ හැඳි 3
- සිහින්ව කපාගත් කරපිංචා
- කෑලි මිරිස් තේ හැඳි 1
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
කඩල පරිප්පු පෙගෙන්න හැර සාමාන්‍ය ප්‍රමාණයට කොටාගන්න. කොටාගත් මිශ්‍රණය භාජනයකට දමා එයට ලූනු, අමු මිරිස්, කරපිංචා, කෑලි මිරිස්, ගම්මිරිස් ලුණු හා උම්බලකඩ එකතුකර කරගන්න. එයට කඩල පිටි එකතු කර අවශ්‍ය හැඩයට සාදා ගැඹුරු තෙලේ බැදගන්න.