අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි ග්‍රෑම් 500
- හොඳින් හලාගත් බඩඉරිඟු පිටි ග්‍රෑම් 200
- වියළි පොල් ගෙඩියක් මිටිකිරි සහ දියකිරි සඳහා
- සීනි තේ හැඳි 4
- ආප්ප සෝඩා තේ හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
පිටි වර්ග දෙක එකට දමා වතුර ටික ටික එකතු කරන අතරතුර අතේ නොඇලෙන පදමට පිටි මෝලියක් අනාගන්න. එම පිටි මිශ්‍රණය හොඳින් වසා පැය 6 ක් පමණ තබන්න. ඉන්පසු අනාගත් ආප්ප මිශ්‍රණයට ආප්ප සෝඩා සහ මිටිකිරි එකතුකර හොඳින් දියකරගන්න. එයටම සීනි, ලුණු එකතුකර දියකිරිද එකතුකර පැය 1/2 ක් කාලයක් පිපෙන්න හැර ආප්ප සාදාගන්න.