අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් බඩඉරිඟු කෝප්ප 1
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1
- කොටු හැඩයට කපාගත් කැරට් අල 1
- තක්කාලි ගෙඩි 1
- කොටු හැඩයට කපාගත් රතුපාට බෙල්පෙපර් 1
- සිහින්ව කපාගත් සලාද කොළ 2
- සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 2
- සිහින්ව කපාගත් සුදු ලූනු බික් 2
- ගම්මිරිස්කුඩු තේ හැඳි 1
- බටර් මේස හැදි 1
- මයෝනයිස් කෝප්ප 1
- දෙහි ගෙඩි 1/2 ක යුෂ
- සීනි තේ හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
රත්වූ පෑන් එකකට බටර් දමා එයට සුදු ලූනු එකතුකර රන්වන් පාට වනතෙක් බැදගෙන බටර් සමගම පසෙකින් තබන්න. වීදුරු භාජනයක් ගෙන එයට තම්බාගත් බඩඉරිඟු, ලූනු, කැරට්, බෙල්පෙපර්, අමුමිරිස්, සලාද කොළ, සීනි, දෙහි යුෂ, ගම්මිරිස්කුඩු, මයෝනයිස් සහ ලුණු එකතුකර හොඳින් කලවම් කරගන්න. අවසානයට සාදාගත් බටර් සුදුලූනු මිශ්‍රණය එකතු කරගන්න.