ලෝකයේ හොදම නිරූපන ශිල්පීන් තෝරන ‘I’m model search international – 2024 ‘ තරගාවලියේ දී ලෝකයේ හොඳම යොවුන් නිරූපන ශිල්පියා ඇතුළු තවත් ජයග්රහණයන් රාශියක් දිනා ගැනීමට ශ්රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්රී ලංකා නිරූපන ශිල්පීන්ගේ කණ්ඩායම සමත්ව තිබෙනවා. මෙම තරගාවලිය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ඉකුත් 10 වැනිදා සිට 14 දක්වා රටවල් 25 ක නිරූපන ශිල්පීන් 72 කුගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණා.
එහිදී වයස අවුරුදු 18 – 21ත් අතර ( MR: Teen ) යෞවන අංශයෙන් ඉදිරිපත් වූ 19 හැවිරිදි රසල් කෙනත් පෙරේරා ලෝකයේ හොඳම යොවුන් නිරූපන ශිල්පියා ලෙස ජයග්රහණය හිමි කර ගැනීමට සමත් වුණා. ඒ වසර 10 කට පසුව යළිත් වරක් ශ්රී ලංකාවට හොඳම නිරූපන ශිල්පියා සම්මානය දිනාදීමෙන්.
එසේම කාන්තා අංශය නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්රී ලංකාවේ 24 හැවිරිදි මෙලෝනි දසනායක තුන් වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. කාන්තා යෞවන අංශයෙන් ( Miss Teen ) ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 20 හැවිරිදි නිලක්ෂි බණ්ඩාර එහිදී සිව් වන ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ඇයට “හොඳම සමාජ ක්රියාකාරිනී” සම්මානය ද හිමිවුණා. මෙම තරගාවලියේ පිරිමි අංශය නියෝජනය කරමින් සහභාගී වූ 28 හැවිරිදි නවීන් ගුණසේකර “හොඳම බලාපොරොත්තු තබා ගැනීමට හැකි නිරූපන ශිල්පියා ” සම්මානයෙන් පිදුම් ලැබුවා.
මෙම තරගාවලියට ඉදිරිපත් වූ රටවල් 25 අතරින් “හොඳම ජාතික අධ්යක්ෂ ” ලෙස සම්මානයට පාත්ර වීමට මෙම ශ්රී ලංකා කණ්ඩායමේ ජාතික සංවිධායක නිර්මාල් බණ්ඩාර සමත් වී තිබුණා. මෙම සම්මානය ශ්රී ලංකා නිරූපන ක්ෂේත්ර ඉතිහාසයේ පළමු වතාවට හිමි වී තිබීම විශේෂත්වයක්.