යම් රෝගී තත්වයකින් ඔත්පොලව දිගු කාලයක් ඇඳට වෙලා එක්තැන්ව සිටින රෝගීන් ගෙන් සහ ඒ පවුල්වල උදවියගෙන් අපට නිරන්තරව ඇසෙන්න ලැබෙන Bed sore ඇඳ තුවාල Bressure ulcer සහ Pressure sore යන නම් වලිනුත් වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්න පුළුවන්. දිගු කාලයක් එක්තැන්ව සිටින රෝගියෙකුගේ හිස , උරහිස, කොන්ද, පසුපස ගාත , මුලින් සඳහන් කරන ලද Pressure points ලෙස හඳුන්වන්න පුළුවනි. විශේෂයෙන් එම රෝගියා සිටින ඉරියව්ව අනුව මෙම ස්ථාන වෙනස් විය හැකියි.
ඇඳ තුවාල කල් තබා හඳුනා ගත හැකිද..?
අනිවාර්යෙන්ම හැකියාවක් තිබෙනවා. එසේ කල් තබා හඳුනා ගතහොත් එය ඉතාමත් ප්‍රතිඵල සහිතයි. ඇඳ තුවාල ඇති වූ පසුව ඒවා සුවපත් කිරීම ඉතා අපහසු බැවින් ඇති වීමට පෙර වලක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත්.
මේ තුවාලයක් හඳුනා ගන්නේ..?
ඉහතින් සඳහන් කළ Pressure points ස්ථානයේ පවතින ලක්ෂණ කීපයක් අනුව ඒ තුවාල ඇඳ තුවාල යැයි නිශ්චය කරන්න පුළුවනි.
සම අවපැහැ ගැනීම
සම ගැලවී යාම
සමේ වර්ණය වෙනස් වීම කලු හෝ රතු පැහැ ගැනීම
එම ස්ථානයේ ඇති වන ස්ථානයේ ඉදිමුම
රත්වීම / උෂ්ණත්වය වැඩි වීම
වේදනාවක් හට ගැනීම වැනි ලක්ෂණ නිරීක්ෂණය කළ හැකිය.
ඉන්පසු නිසි ප්‍රතිකාරයක් නොලැබුනහොත් මෙම ස්ථානවල තුවාල ඇති වීමට පටන් ගන්නවා. ඉන්පසුව එය ක්‍රමයෙන් ආශ්රිත පටකවලට විහිදී යනවා. ඒ සමග මෙම තුවාලවලට විෂබීජ Infection ඇතුළු වී පැසවීමට ලක්වීමෙන් සැරව ගලන්න පටන් ගන්නවා. ඒ පමණක් නොවෙයි, මේ තුවාලවල පණුවන් ( Maggots) පවා ඇති වෙනවා. ඒ තත්වය දක්වා තුවාලය ව්‍යාප්ත වුනාම සුව කිරීම අපහසුයි.
තුවාලවලින් විෂබීජ ක්‍රමයෙන් රුධිරගත වීම නිසා sepsis තත්වය ඇති වෙනවා. ඇඳට වී ඔත්පල වුන රෝගීන් බහුතරයක් මේ නිසා මියයනවා.
ඇඳ තුවාල ඇති වීමේ අවදානම් රෝගීන් කවුද..?
මුලින් විස්තර කළ අන්දමට දීර්ඝකාලීනව එක්තැන් වී සිටීමට සිදුවන රෝග තත්වයන් සහිත රෝගීන් මේ තත්වයට පත් විය හැකියි.
අංශභාග රෝගීන්
පිළිකා රෝගීන්
විවිධ අනතුරු නිසා ඔත්පල වුන රෝගීන්
ස්නායු රෝගීන්
වයසින් වැඩි පුද්ගලයින්
සිහිය අඩු රෝගීන්
විශේෂයෙන් සඳහන් කරනවා නම් දියවැඩියාව නිසා ඔත්පළ වුන රෝගීන්ට ඇඳ තුවාල ඇති වීමේ වැඩි අවදානමක් තිබෙනවා.
ඇඳ තුවාල නැති රෝගීන්ගේ ඇඳතුවාල ඇති වීම වලක්වා ගැනීම…
මුලින්ම ඇඳ තුවාල ඇති විය හැකි අවදානම වැඩි රෝගීන් සමග සිටින ඒ පුද්ගලයින් බලා ගන්නා අය මේ ගැන සැලකිලිමත් විය යුතුයි.
දිනපතාම රාත්‍රියේ නින්දට යාමට පෙර සම ගැටෙන ස්ථාන හොඳින් නිරීක්ෂණය කර ඉහතකී ලක්ෂණ ඇත්දැයි පරීක්ෂා කිරීම
සෑම විනාඩි 30 ක් හෝ පැය දෙකක් අතර මෙම රෝගීන් සිටින ඉරියව්ව වෙනස් කරන්න. එක පසෙකට හා අනෙක් පසට හැරවීම යෝග්‍යයි. එකම ඉරියව්වෙන් බොහෝ වේලාවක් ගත කිරීම වැලැක්විය යුතුයි. මේ සඳහා භෞතචිකිත්සකවරුන්ගේ ( Physiotherapist) සහයෝගය ලබා ගත හැකියි.
රෝගියාගේ පිටේ පවුඩර්, ක්‍රිම් වැනි ලිහිසි දෙයක් ආලේප කරන්න එවිට සම හා එම මතුපිට අතර ඝර්ෂණය අඩු වීම නිසා තුවාල ඇති වීමේ අවදානම අඩු වෙනවා.
මෙවැනි රෝගීන්ට ඇඳ තුවාල වලක්වා ගැනීමට හැකි තවත් අවස්ථාවක් තිබෙනවා. මෙවැනි රෝගීන් සම්බන්ධයෙන් වෝටර් මෙට්‍රස් (Water Metress) හෝ එයාර් මෙට්‍රස් (Air Metress )පාවිච්චි කරන්න. එවිට සාමාන්‍ය මෙට්ටයකදී රෝගියාගේ සමට ඇති වන පීඩනය අඩුවන නිසා නිතර ඉරියව් වෙනස් කිරීම අවශ්‍ය නැහැ. එම රෝගීන් බලා ගැනීමට වෙනත් පුද්ගලයෙකු නැතිනම් සුදුසුම ආකාරය වන්නේ මෙවැනි මෙට්ටයක් භාවිතා කිරීමයි.
මේ වෙන විටත් ඇඳ තුවාල තිබෙන රෝගියෙකු සම්බන්ධයෙන් නම්..
ඉහතින් මා සඳහන් කළ දේවල් අනිවාර්යයි. ඒ අතරම ශල්‍ය වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට යොමු කළ යුතුමයි.
එවැනි අවස්ථාවන්හිදී ලබා දෙන ප්‍රතිකාර මොනවාද..?
තුවාලය නිසි ලෙස සුද්ධ කිරීම හා අදාල ඖෂධ නියම කිරීම
විෂබීජ හඳුනා ගැනීම සහ රෝපණය ( Culture) පරීක්ෂණ කිරීම
ඒ අනුව නිවරැදි ප්‍රතිජීවක ඖෂධ ලබා දීම
ඇඳ තුවාල සුව වීමට එය පමණක් ප්‍රමාණවත් නැහැ.
තුවාලයක් සුව වීමට ශරීරයට නිසි පෝෂණයක් ලැබිය යුතුයි. එසේ නැතිනම් තුවාලය සුව වීමට කල් යනවා.
රුධිරයේ හිමොග්ලෝබින් ප්‍රමාණය පවත්වා ගැනීම අනිවාර්යෙන් සිදු කළ යුත්තක්.
රෝගියා දියවැඩියාව සහිත නම් රුධිරයේ සීනි ප්‍රමාණය නිසි ලෙස පවත්වා ගැනීමත් ඉතා වැදගත්.
නිසිලෙස සැලකිලිමත් වීමෙන් මෙම ඇඳ තුවාල ඇති වීම වලක්වා ගන්න. ඒ වෙනුවෙන් කුඩා වෙලාවක් වෙන් කරන්න. එය ඉතාමත් පහසු කටයුත්තක්. ඇඳ තුවාල ඇති වූ පසුව සුව කිරීම ඉතාම අපහසුයි.ඒ නිසා ඇඳ තුවාල ඇති වීමට නොදී වලක්වා ගැනීම ඉතාම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️