අවශ්‍ය ද්‍රව්‍ය
- සෝයා මීට් පැකට් 1
- මිරිස් කුඩු තේ හැඳි 1
- තුනපහ කුඩු තේ හැඳි 1/2
- චොප් කරගත් ලූනු ගෙඩි 1
- අමුමිරිස් කරල් 2
- සුදුලූනු බික් 3
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
සෝයාමීට් හොඳින් තම්බා වතුර මිරිකා හරින්න. එයට ඉතිරි සියල්ලම එකතු කර හොඳින් අඹරාගන්න. ලන්ච් ශීට් එකක සාදාගත් මිශ්‍රණය තබා තද කරමින් ටොෆියක් ආකාරයට දෙපැත්තෙන් ඔතාගන්න. ඔතාගත් සොසේජස් විනාඩි 20 ක් පමණ ස්ටීම් කර නිවුණු පසු අධි ශීතකරණයේ තබා පිසගන්න.