අවශ්‍ය ද්‍රව්‍ය
- බිම්මල් පැකට් 1
- සුදුලූනු බීක් 3
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- ලුණු ස්වල්පයක්
- මිරිස්කුඩු මේස හැඳි 1
- කහ කුඩු ස්වල්පයක්
- තුනපහ කුඩු මේස හැඳි 1
- සහල් පිටි ග්‍රෑම් 60
සාදාගන්නා ආකාරය
බිම්මල් පිරිසිදු කර එය කුඩා තීරුවලට ඉරා විනාඩියක් පමණ ස්ටීම් කරගන්න.ඉන්පසු අනෙකුත් ද්‍රව්‍ය සියල්ල සමඟ බ්ලෙන්ඩ් කර එයට සහල් පිටි ස්වල්පය බැඟින් එක් කර අවශ්‍ය පදමට සකසා ගන්න. මිශ්‍රණය සොසේජස් හැඩයට ෆොයිල් කොළවල ඔතා විනාඩි 20 ක් පමණ ස්ටීම් කරන්න.