අවශ්‍ය ද්‍රව්‍ය
පාන්පිටි කෝප්ප 1
බේකින් පවුඩර් මේස හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
තුනපහ කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/4
කෑලි මිරිස් තේ හැඳි 1 1/2
චොප්කරගත් සුදු ලූනු බික් 4
රස අනුව ලුණු සහ ගම්මිරිස්කුඩු
සාදාගන්නා ආකාරය
පාන්පිටිවලට බේකින් පවුඩර් සහ අනික් සියල්ලම දමා වතුර ටිකෙන් ටික එකතුර අතේ නොඇලෙන ඩෝ එකක් සාදාගන්න. ලෑල්ලකට පිටි ස්වල්පයක් ඉස ඩෝ එක රෝල් කර ලන්ච් ශීට් එකකට දමා රෝල් කර දෙපැත්තෙන් ගැටගසා ස්ටීම් කරගන්න. රැප් කරගත් කොළය ගලවා පෑන් එකක ෆ්‍රයි කර රයිස් කුකර් එකේ ස්ටීම් කරගන්න.