අවශ්‍ය ද්‍රව්‍ය
- කටු ඉවත්කර කුඩාවට කපාගත් කුකුල් මස් ග්‍රෑම් 300
- චොප් කරගත් සුදුලූනු ග්‍රෑම් 100
- චොප් කරගත් ලූනු ගෙඩි 1/2
- චොප් කරගත් ඉඟුරු ග්‍රෑම් 5
- Bread Crumbed ස්වල්පයක්
- බිත්තර 4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කුකුල් මස්වලට ලුණු, සුදුලූනු, ලූනු සහ ඉඟුරු දමා හොඳින් සීසන් කරගන්න. පසුව එයට බිත්තරයක් එකතුකර හොඳින් කලවම් කර කුඩා බෝල සාදාගන්න. භාජනයකට ඉතිරි බිත්තර දමා හොඳින් ගසාගෙන සාදාගත් බෝල මුලින්ම බිත්තරවල තවරා දෙවනුව Bread Crumbedවල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.