තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකයේ එහා කොණේ තිබෙන රටක දෙයක් වුණත් අපිට දැකබලා ගැනීමට, ඒවායේ මිල ගණන් දැනගැනීමට අවස්ථා උදාවුණා. මෙච්චර කල් කඩවල තිබෙන බඩු තෝරාගත් අපි ඉන්පසු අන්තර්ජාලයේ ඊබේ, ඇමසන්, අලිඑක්ස්ප්‍රස්, බැංගුඩ්, Gearbest ආදී අඩවියන් පීරා විවිධ ආකාරයේ බඩු බාහිරාදිය ගැන සොයාබලන්නත් ඒවා ඇණවුම් කරන්නත් හුරුවුණ. ඒවා ඇණවුම් කිරීමේදිත් පොඩි පොඩි කාරණා ටිකක් ගැන අවධානය යොමු කළොත් අපේ මුදලුත් ඉතිරිවෙලා භාණ්ඩයත් කලට වේලාවට අතට ලැබෙන්නට හේතු වෙනවා...
සෙලර් ඇන් සෙලර් රේටින්ස්…
ඊබේ, ඇමසන්, සහ අලි එක්ස්ප්‍රස් වැනි අඩවිවලදී එම අලෙවි අඩවියේ විවිධාකර වෙළෙන්දන් විසින් විවිධ බඩු බාහිරාදිය රැසක් විකුණනවා. ඒ අවස්ථාවලදී ඒ වෙළෙන්දාගේ තත්ත්වය අනුව ඔහු වර්ග කරන්නත් ඒ අඩවි කටයුතු කරලා තිබෙනවා. ඒ හරහා හොඳ රේට් එකක් ඇති පාරිභෝගිකයා විසින් හොඳ රිවිව්ස් ලබා දී ඇති ස්ටෝ එකක් බඩු ගන්නට තොරාගත හැකියි.
කොච්චර විකිණිලාද කියල බලන්න…
එකම බඩුව ස්ටෝ කිහිපයක තිබෙන අවස්ථාද තිබෙනවා. එවැනි අවස්ථාවලදි එම අදාළ උපකරණය කොච්චරක් විකිණිලා තියෙනවාද, ඒ ගැන ඇති හොඳ නරක කියා ඇති දේ මොනවාද කියලත් ඔන්ලයින් අඩවියෙකදී පරික්ෂා කර බැලිය හැකියි. එම භාණ්ඩය දහස් ගණනක් විකිණී ඇතිනම් එවැනි තැනකින් භාණ්ඩය මිලදී ගැනීම වඩාත් විශ්වාසනීයයි. එසේම නරක කමෙන්ට් රිවීව් අඩු වීමත් හොඳ ඔන්ලයින් භාණ්ඩයක තවත් ලක්ෂණයක්.
ෂිපින් මෙතඩ් එක…
සමහර වෙලාවලදී ෂිපින් නොමිලේ දාන්නත් පුළුවන්. ඒත් ඇතැම් චීන අඩවිවල මෙම ෆ්‍රී ෂිපින් හරහා බඩු ලංකාවට ඇවිත් අපේ ගෙදරට එන්නට බොහෝ කල් ගතවෙනවා. ටිකක් වටිනා කියන ඉක්මණින් ඕනා කරන බඩුවක් නම් අපිට ෂිපින් ක්‍රමය වෙනස් කරලා බොහෝම ඉක්මණින් අතට ලැබෙන විදියට ඕඩර් කරන්නත් හැකියි. DHL හරහා සතියකින්ද EMS හරහා සති දෙකකින් සාමාන්‍යයෙන් බඩු අපේ අතට ගත හැකයි. එහෙත් තවමත් අප රට තැපැල් සේවාවේ තියෙන ප්‍රබල දෝෂ හේතුවෙන් ඇතැම් විට ලංකාවට එන පාර්සලය අපට එන්නට සති කිහිපයක්ම ගතවන අවස්ථාද තිබෙනවා.
ට්‍රැකින් සහ ඇටෙන්ෂන් එකෙන් සිටීම…
ඔන්ලයින් අඩවි රැසක්ම අප ඕඩර් කරන ලද භාණ්ඩය තිබෙන්නේ කොතැනද කියා සෙවිය හැකි ට්‍රැකින් පහසුකම සපයා තිබෙනවා. ඒ හරහා අපිට අපේ ඇණවුම හිරවී ඇතිද? ඒ කොතැනකද කියා දැනගැනීමට හැකියි. එසේම බඩු භාණ්ඩ ඇණවුම් කර නිසි කාලය තුළදී අප අතට ලැබුණේ නැතිනම් ඒ පැමිණිලි කිරීමට කාලයක් අපිට ලැබෙනවා. ඒ කාලයද හමාර වුවහොත් නැවතත් එම බඩුව සම්බන්ධයෙන් අපිට ගන්නට හැකි ක්රියාමර්ගයන් අඩුයි. ඒ නිසා අප යමක් ඇණවුම් කළා නම් අවම වශයෙන් මාසයකට වරක්වත් ඒ ගැන තරමක සෙවිල්ලෙන් සිටීම වැදගත් වෙනවා. මේ ට්රැකින්වලදී ලංකාවට බඩුව ඇවිත් නම් මහ තැපැල් කන්තෝරුවට සහ ඔබේ පළාතේ තැපැල් කන්තෝරුවට කතා කර භාණ්ඩය කොහිද කියා බැලීමත් කළ යුතු අවස්ථා තිබෙනවා.
ගෙන්නවන බඩු සහ පර්මිෂන් ටැක්ස්
පිටරටින් විදුලි සංදේශ උපකරණ සහ ස්මාට් ෆෝන් ගෙන්වීමේදී විදුලි සංදේශ නියාමන කොමිසමෙන් අවසරයක් තිබිය යුතුයි. එසේ නොමැතිව වුවද ෆෝන් අතටම එන අවස්ථා තිබුණත් එසේ අවසර නැතිව එන බඩු නවත්වා ඔබට කන්තෝරුව වෙත කැඳවීමටද හැකියි. එවිට යම් බදු මුදලක්ද ගෙවා අවශ්‍ය පර්මිෂන් ගත් පසු ෆෝන් එක අතට ගැනීමට හැකයි. ඩ්‍රොන යානා ආදී මාදිලිවල විශාල ඒවානම් ගුවන් හමුදාවෙනුත් අවසර ගන්න වෙනවා.
එසේම මේ ගෙන්වන භාණ්ඩ තීරුබදුවලට යටත් නොවන නිසා හසුවන ඕනෑම මොහොතකදී එම භාණ්ඩයට අදාළ තීරුබදුද අපි විසින් ගෙවීමට සිදුවෙනවා. අප සාමාන්‍යයෙන් ඇණවුම් කරන බඩු අතටම ලැබීමේ සම්භාවිතාව වැඩි වුවත් වටිනාකම වැඩි බඩු එසේ තැපෑලේ නැවතී තීරුබදු එකතු වීමට හැකියි.
ඔන්ලයින්වලට බය වෙන්න ඕනද?
ඔබ ගෙවා බඩු ඇණවුම් කරන වෙබ් අඩවිය හොඳ ප්‍රසිද්ධ අඩවියක් නම් එහිදී ගෙවිම් සම්බන්ධයෙන් බයවිමට අවශ්‍ය නැහැ. ඔන්ලයින් ඇනවුම්වලදී ලංකාවට ඒමට පෙර භාණ්ඩය නැති වුවහොත් බොහෝ අන්තර්ජාලිත අඩවිවලින් නැවත මුදල් බැරකිරීමක්ද සිදුවනවා. ඔන්ලයින් විදෙස් අඩවිවලින් බඩු ඕඩර් කිරීම කියන්නේ කාලය ඉතිරි කරන බොහෝවිට මිල අඩුවෙන් බඩු ගන්න පුළුවන් ක්‍රමයක්. එය ක්‍රම සහ විධි දැනගෙන අවබෝධයෙන් කළොත් අමාරුවේ වැටීමට ඇති ඉඩකඩ අඩුකරගන්නට හැකියි.
අර්චිත ඉඳුවර ✍️