අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1/2
- කපාගත් අමුමිරිස් කරල් 3
- සිහින්ව කපාගත් කරපිංචා ඉති 1
- තක්කාලි ගෙඩි 1/4
- සිහින්ව කපාගත් ලීක්ස් ස්වල්පයක්
- තම්බා කැබලිවලට කඩාගත් අල ගෙඩි 1
- කහ කුඩු ස්වල්පයක්
- මිරිස් කුඩු ස්වල්පයක්
- කෑලි ගම්මිරිස් ස්වල්පයක්
- රස අනුව ලුණු
- අබ ස්වල්පයක්
- තෙල් මේස හැඳි 1
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට අබ, ලූනු, අමුමිරිස්, කරපිංචා එකතු කර තෙම්පරාදු ගන්න. කහ කුඩු, ලුණු සහ තක්කාලි එකතුකර තක්කාලි මැලවීගෙන එන විට ලීක්ස්, මිරිස් කුඩු දමා හොඳින් තෙම්පරාදු කරගන්න. අල දමා කලවම් කර වතුර ස්වල්පයක් එකතුකර හොඳින් හින්දවා කෑලි ගම්මිරිස් ඉස ළිපෙන් ඉවත් කර නිවෙන්න හරින්න. ඉහත තෝසෙ මිශ්‍රණයෙන් තෝසේ සාදා තෝසෙ රන්වන් පාට වීගෙන එනවිට සාදාගත් මසාලා ටික මැදින් තියා ත්රිකෝණාකාරව නවාගන්න.