අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 6
- සීනි කෝප්ප 1/2
- කිරි පිටි කෝප්ප 1/3
- මිල්ක් මේඩ් කෝප්ප 1/2
- වතුර සමග මිශ්‍ර කරගත් අගර් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
ළිප තැබූ භාජනයකට කිරි, සීනි සහ කිරි පිටි දමා හොඳින් කවලම් කරගන්න. එය බුබුළු දමා උතුරගෙන එනවිට මිල්ක් මේඩ් එක්කර හොඳින් කවලම් කරගන්න.
මිශ්‍ර කරගත් අගර් දමා හොඳින් කවලම් කර ඉන්පසු ට්‍රේ එකක් ගෙන එයට බටර් ස්වල්පයක් තවරා මිශ්‍රණය දමා ශීතකරණයේ පැයක් පමණ තබන්න.