අවශ්‍ය ද්‍රව්‍ය
වාටි කපාගත් පාන් පෙත් 6
බටර් මේස හැඳි 2
නැවුම් එළකිරි කෝප්ප 2
බිත්තර 4
සීනි කෝප්ප 3/4
වැනිලා තේ හැඳි 1
කුරුඳු කුඩු සහ සීනි එකතුකරගත් මිශ්‍රණයක්
සාදාගන්නා ආකාරය
බෝල් එකකට බිත්තර, සීනි, බටර්, වැනිලා සහ එළකිරි දමා හොඳින් කවලම් කර එය පසෙකින් තබන්න. ට්‍රේ එකක් ගෙන අඩියේ බටර් ස්වල්පයක් තවරා පච්මන්ට් ෂිට් එකක් අඩියට දමා එයට කපාගත් පාන් පෙති අතුරාගන්න. එයට උඩින් කවලම් කරගත් මිශ්‍රණය දමා කුරුඳු කුඩු සහ සීනි මිශ්‍රණය එකතු කර අවන් එකක සෙල්සියස් අංශක 175 ක උෂ්ණත්වය යටතේ විනාඩි 25-35 ක් පමණ බේක් කරගන්න. ඊට උඩින් කස්ටර්ඩ් සෝස් එක දමා ආහාරයට ගන්න.
කස්ටර්ඩ් සෝස් එක සාදාගන්නා ආකාරය
කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 3 ක් ගෙන එයට නැවුම් එළකිරි මේස හැඳි 2 ක් දමා දිය කර පැත්තකින් තබන්න. දැන් තවත් නැවුම් එළකිරි කෝප්ප එකක් ගෙන මද ගින්දරේ ළිප තබා රත් වීගෙන එනවිට එයට සීනි ස්වල්පයක් එකතුකර හොඳින් කවලම් කරගන්න. ඉන්පසු මෙයට දියකරගත් කස්ටඩ් එකතු කර හොඳින් කවලම් කර සෝස් එක ඝන වීගෙන ආ පසු ළිප ඕෆ් කරන්න.