යම් ස්ථානයක සජීවී භාවයත් ප්‍රාණවත් භාවයත් නිර්මාණය කිරීම හා කළමනාකරණය කිරීම හෙවත් ජීවත් වීම සඳහා ස්ථානයක් සමතුලිත කිරීම වාස්තු ශාස්ත්‍රය මගින් සිදු කෙරේ. එනම් වාස්තු යනු නිවසක් සක්‍රීය කර ගැනීමට යොදා ගත හැකි සාර්ථකම සංකල්පය වශයෙන් හැඳින්විය හැකිය.මෙහිදී වාස්තු යනු සැමවිටම නිවාස ඉදි කිරීම සඳහා පමණක් භාවිත වන දෙයක් නොවේ. එය ඉන් එහාට ගිය අති විශාල ගැඹුරු පථයක දිව යන විශයකි.
මෙම වාස්තු ශාස්ත්‍රය අපගේ ජීවිත සාර්ථකත්වය උදෙසාද භාවිතයට ගත හැකිය.ඉන් එක් උදාහරණයක් ලෙස පාසල් යන දරුවන්ගේ මෙන්ම වැඩිහිටි අයගේ ද අධ්‍යාපනය සාර්ථක කරගන්නත් ඉගෙන ගන්නා කරුණු හොඳින් ධාරණය කර ගන්නත් වාස්තු ශාස්ත්‍රය යොදාගන්න පුළුවන්.
වාස්තු ශාස්ත්‍රය තුළදී දිශාවන් හා එම දිශාවට අදාල ශක්තීන් කෙරෙහි නිතරම අවධානය යොමු කරනු ලබයි.මෙහිදී ආපෝ ධාතුව නියෝජනය කරන ඊසාන දිශාව අධ්‍යාපනය ලැබීම සඳහා සුදුසුම දිශාව වශයෙන් හැඳින්විය හැකිය.ඊසාන දිශාව යනු සුභ ශක්තීන් ගලා එන දිශාව වේ. එනම් සුබ ශක්තීන් ලෙස හඳුන්වනු ලබන අන්තරික්ෂ ශක්තිය නිවසට ලැබෙන ශක්ති කලාපය වශයෙන්ද මෙම දිශාව හැඳින්විය හැකිය.මෙම අන්තරික්ෂ ශක්තිය ගලනය වන ඊසාන දිශාවේ ඇති කාමරයක වැඩි වේලාවක් රැඳී සිටීම මත ඔවුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය සහ මානසික ඒකාග්‍රතාවය වර්ධනය වීමට එය මහඟු පිටිවහලකි. එය අධ්‍යාපනය සඳහා අවශ්‍ය කරන සුදුසු ස්ථානයක් කළමනාකරණය කිරීමක් වැනිය.
මෙම හේතුව මත ඊසාන දිශාවේ ඇති කාමරයක කුඩා දරුවන් අධ්‍යයන කටයුතු කිරීම මගින් ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. තරුණ අය සඳහාද මෙම දිශාවේ ඇති කාමරයක අධ්‍යාපන කටයුතු කිරිම සුදුසු වන නමුත් එම දිශාවේ කාමරය තරුණ අයගේ නිදන කාමරය ලෙස නොගත යුතුය.ඊසාන දිශාවේ ඇති කාමරය ප්‍රථමවත් එසේ නොමැති නම් නැගෙනහිර හෝ උතුරු දිශාවට වන්නට ඇති කාමරයක් විකල්පයක් වශයෙන් යොදා ගත හැකිය. නමුත් තේජෝ ශක්තියට අධිපති වන ගිනිකොණ දිශාව අධ්‍යාපන කටයුතු කිරීම සඳහා නොගත යුතුය.
අධ්‍යාපනය ලබන කාමරය සැලසුම් කිරීමේදී තවත් වැදගත් කරුණු කිහිපයක්ද ඇත.ප්‍රථමයෙන් එම කාමරයේ මධ්‍ය ලක්ෂ්‍යය හෙවත් කාමරයේ හරි මැද සොයා ගත යුතුය. එම ස්ථානය හිස් අවකාශයක් වීම වඩාත්ම සුදුසුය. පසුව කාමරයේ හරි මැද මාලිමාවක් තැබීමෙන් උතුර, ඊසාන, නැගෙනහිර යන දිශාවන් පහසුවෙන් හඳුනාගත හැකිය. (හිරුගේ නැගීමේ දිශාව නැගෙනහිර යැයි සිතා මෙම දිශාවන් තීරණය කිරීම සුදුසු නොවේ) මන්දයත් නිවර්තන අනුව හිරුගේ නැගීමේ දිශාව වෙනස් වන බැවිනි. මේ සඳහා වඩාත්ම සුදුසු වන්නේ නිවැරදි මාලිමාවකි. එනම් චුම්බක උතුර මත දිශාව හඳුනාගත යුතුය.
මෙම දිශාවන් ත්‍රිත්වය සොයා ගැනීමෙන් පසුව ඊසාන කෝණයට වන්නට පොත් මේසය තබා නැගෙනහිර දිශාව බලා අධ්‍යාපන කටයුතු කිරීම සුදුසුය. පෙර සඳහන් කරන ලද අන්තරික්ෂ ශක්තිය මත මනස නිරවුල් වීම මේ මගින් සිදු වේ. නැගෙනහිර දිශාව බලා අධ්‍යාපන කටයුතු කිරීමට නොහැකි නම් පමණක් දෙවනුවට විකල්පයක් වශයෙන් උතුරු දිශාව බලා අධ්‍යාපන කටයුතු කිරීම සුදුසුය.මෙය සුදුසු ලෙස සලකුණු ලබන දිශාවන්හි ඇති කාමර වලද ගිනිකොණ කෝණයට වන්නට පොත් මේසය කිසිවිටකත් නොතබන්න.
මෙම කරුණු අධ්‍යයන කටයුතුවල ධාරණ ශක්තිය ඉහළ යාමටත් මතක ශක්තිය වර්ධනය වීමට හේතු වේ. විකල්පයක් ලෙස ඊසාන දිශාවේ අධ්‍යාපනය සඳහා කාමරයක් නොමැති අවස්ථාවක ඒ සඳහා සුදුසු කාමරයක පෙර සඳහන් කළ පරිදිම දිශාවන් තීරණය කර පොත් මේසය සහ අසුන ස්ථාන කර ගත හැකිය.මෙහිදී තවත් වැදගත් කරුණු කිහිපයක් ඇත. අධ්‍යයන කටයුතු කරන ස්ථානයට ඉහළින් බාල්ක, කුරුපා, යට ලී ආදිය නොතිබිය යුතුය. මෙවැනි ස්ථානයක වැඩි වේලාවක් සිටීම ශාරීරික සෞඛ්‍යයට මෙන්ම මානසික වශයෙන්ද බලපෑම් ඇති කරයි.
තමාගේ පොත් මේසය යට සෑම විටම හිස් අවකාශයක් තබා ගන්න. මේසය යට අනවශ්‍ය පරිදි බඩුබාහිරාදිය තැබීම ශක්ති ගලනයට අවහිරතා ඇති කරයි. කාමරයේ වර්ණ පිළිබඳව බැලීමේදී ලා කොළ, ලා නිල් සුදුසුය. නමුත් රතු වර්ණය අධ්‍යාපන කාමරයට ගැල්වීමෙන් වැළකීමද මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීමට හේතුවකි. එනම් රතු වර්ණය මානසික වශයෙන් කළහකාරීත්වය වර්ධනයට හේතු වන අතර ලා නිල් හා කොළ වර්ණයන් සෞම්‍ය හැඟීම් ඇති කරයි. තවද අධ්‍යාපනය ලබන මේසය හා නිදන ඇඳ එකම කාමරයක ඇති නම් තමා අධ්‍යාපනය ලබන ස්ථානයට නොපෙනෙන ස්ථානයක නිදන ඇඳ ස්ථානගත කරන්න.
තවද පාසල් ළමුන් සඳහා නැගෙනහිර දිශාවට හිස යොමු කර නිදා ගැනීම සුදුසු වන අතර මතක ශක්තිය වර්ධනය වීමටත්, උදෑසන ප්‍රබෝධමත්ව අවධි වීමටත් එය උපකාරී වේ. කළකිරුණු හා කළහකාරී හැඟීම් ඇති වන පින්තූර අධ්‍යාපන කාමරයට නුසුදුසු වන අතර උගත් බුද්ධිමත් හැඟීම් දනවන පින්තූර මේ සඳහා සුදුසුය.
තවද රාත්‍රී කාලයේ තමා අධ්‍යන කටයුතු කරනු ලබන මේසයේ පොත්පත් මතට තමාගේ සෙවනැල්ල නොවැටෙන ලෙස විදුලි බල්බ සැලසුම් කර ගැනීම සුදුසුය. මේ සඳහා මේසය අසලින් විදුලි බල්බයක් සැලසුම් කර ගැනීම සුදුසු වන අතරම සුදු පැහැති ආලෝකයක් ඇති විදුලි බල්බ මේ සඳහා සුදුසුය.මේ අයුරින් බලන විට වාස්තු යනු සෑම විටම ඉදිකිරීම් පමණක්ම නොවන අතර දිශාවන්වල ඇති ශක්තීන් තමාගේ ජීවිතයට යොදා ගනිම්න් ජීවිතයේ සාර්ථකත්වය සඳහා යොදා ගත හැකි විශයකි.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
අර්චිත ඉඳුවර ✍️