ලංකාවේ අපිට හරියන්නේ SPF අගය 60ට ලඟ සන් ක්‍රීම්
මේ ගෙවෙන්නෙ දිගටම වැහැලා වැහැලා එළියෙන් අබ මිටක් තිබ්බත් පුපුරණ සයිස් එකට තද අව්වක් පායන කාලයක්. ඔයාගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එක කොණක ඇති UV index කියලා එකක්. ඔයා ඝර්ම කලාපීය කෙනෙක් නම් ඒ UV index එක අනිවාර්යයෙන්ම Verry high කියලා වැටෙනවත් ඇති. ඒ කියන්නෙ එළියෙ දිලිසි දිලිසි තියෙන අව්ව ඔයාගෙ ශරීරයට හොඳම නෑ කියන එක. කුඩයක් ඉහළන් ගියත් කුඩයට උහුලන්න පුළුවන් රස්නයක් නෙවෙයි මේ කාලෙ තියෙන්නේ. ඒ නිසා කුඩයක් ඉහළගෙන ගියාට විතරක් ලැබෙන ආරක්ෂාව හරියන්නෙ නෑ. සන් ක්‍රීම් එකකුත් ළඟ තියෙන්නම ඕනේ.
අපි ඉර එළියට නිරාවරණය වෙලා මිනිත්තු 5 ක් හිටියත් ඇති අපේ සම දුර්වර්ණ වෙලා පිච්චෙන්න. ඒත් අපි සන්ක්‍රීම් එකක් පාවිච්චි කළොත් අපිට පුළුවන් සමට අහිතකර හිරු කිරණින් වෙන හානිය අවම කරගන්න වගේම හිරු කිරණ නිසා ඇති වෙන සමේ රෝග වළක්වගන්නත්. සන්ක්‍රීම්, සන් බ්ලොක්, සන් ප්‍රොටෙක්ෂන් සහ සන්ස්ක්‍රීන් ලෝෂන් විදිහට වෙළෙඳපොළේ විවිධ වෙළෙඳ නාමයන් යටතේ ඔබට සන් ක්‍රීම් මිලට ගන්න පුළුවන්.
නිවැරදි ක්‍රියාකාරී සන්ක්‍රීම් තෝරාගමු
සමට කිසිම ආරක්ෂාවක් නැතිව වැඩි වෙලාවක් හිරු එළියට නිරාවරණය වෙලා හිටියොත් සමේ පිළිකා ඇතිවෙන්න පුළුවන්. වෙළෙඳපොළේ ගොඩක් සන් ක්‍රීම් වර්ග තිබුණත් ඔයා සන් ක්‍රීම් එකක් තෝරගනිද්දි සන් ක්‍රීම් එකේ අඩංගු SPF අගය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. SPF කියන්නෙ Sun protection factor (සම පිළිස්සීම අවම කරන අගය). 15, 20, 30, 50, 60, 90 ලෙස ඉහළ අගයන්ගෙන් යුතු සන් ක්‍රීම් වෙළෙඳපොළේ තියෙනවා. ඒත් අපි ඝර්ම කලාපීය ආසියතික රටක්.
ඒ වගේම සමකයට ගොඩක් ආසන්නව පිහිටා තිබෙන රටවල් අතරින් එකක්. යුරෝපීය රටවල්වලට සාපේක්ෂව ලංකාවේ අපිට හරියන්නේ SPF අගය 60 ආසන්න සන් ක්‍රීම්. මොකද ඉතාමත් දැඩි හිරු රශ්මියක් අපිට අවුරුද්දෙන් වැඩි කාලයක් ලැබෙන නිසා. හැබැයි නුවරඑළියේ වගේ සීතල පැත්තක ජීවත් වෙන කෙනෙක්ට නම් SPF 30 ගැළපෙනවා. Dermatologist tested ගුණාත්මක සන් ක්‍රීම් ඔයාට ඕනම ෆාමසියකින් මිලදී ගන්න පුළුවන්. මිලෙන් අඩුයි කියලා බාල නිශ්පාදන පාවිච්චි කරලා ලෙඩ නම් හදාගන්න එපා. මිලෙන් අඩු බාල සන් ක්‍රීම් තියෙන්නේ නමට විතරයි. මේ ගැන නම් ඔයා එච්චර දැනුවත් නැතුව ඇති. සන් ක්‍රීම් පාවිච්චි කරන්නෙ පාරෙ යන එන අය විතරක් නෙවේ අවුවේ පිහිනීම් කරන අයට පාවිච්චි කරන්නත් වෙනම ජලය උරා නොගන්නා (Water resistant) සන්ක්‍රීම් වර්ග තියෙනවා.
අඩංගු ද්‍රව්‍ය
ඔයාට කැමති විදිහේ සන් ප්‍රොටෙක්ෂන් එකක් පාවිච්චි කරන්න ඔයාට අයිතිය තියෙනවා. නිතරම සම සිසිල්ව තියාගන්න ඕනේ නම් සම සජලනය කරන අමුද්‍රව්‍ය අඩංගු සන්ස්ක්‍රීන් දියරයක් භාවිත කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ක්‍රීම් එකක්. මේ කාලෙදි නම් නිර්දේශ කරන්නෙ ජෙල් ටයිප් සන් ප්‍රොටෙක්ෂන් එකක්. මොකද ක්‍රීම් එකක් ගාලා දාඩිය දාන්න ගත්තම සන්ක්‍රීම් එක පිටි වගේ පේන්න ගන්නවා.
මේ වෙද්දි FDA (Food and drug administration) එකෙන් ලෝකෙ සන් ක්‍රීම් නිෂ්පාදනය කරන්න අහිතකර හිරු එළියට ප්‍රතිරෝධී අමුද්‍රව්‍ය 16 ක් නම්කරලා තියෙනවා. ඒත් ගොඩක් නිෂ්පාදකයෝ අමුද්‍රව්‍ය 8 කින් තමයි මේ සන්ක්‍රීම් හදන්නේ. ඒවා තමයි ඇවොබෙන්සෝන්, ඔක්ටිනොක්සේට්, ඔක්ටිසේලේට්, ඔක්ක්රිලීන්, ඔක්සිබෙන්සෝන්, ටයිටේනියම් ඩයොක්සයිඩ්, සින්ක් සහ ඔක්සයිඩ්.
සමේ වර්ගය ගැනත් සැලකිලිමත් වෙන්න
ඔයාට තියෙන්නේ වියළි සමක් නම් හයුලූරොනික් අම්ලය වගේ හයිඩ්‍රේටින් ද්‍රව්‍ය සහිත දියරයක් හෝ ක්‍රීම් එකක් තමයි ඕනෙ වෙන්නෙ. තෙල් සහිත සමක් තියෙන කෙනෙකුට නම් Homosalate සහ Octocrylene අඩංගු නැති සන් ප්‍රොටෙක්ෂන් එකක් තෝරගන්න ඕනේ. ඔයාට තියෙන්නේ සංවේදී සමක් නම් හයිපෝඇලර්ජෙනික් දියරයක් අඩංගු සන් ප්‍රොටෙක්ෂන් එකක් ඕනෙ වෙනවා.
ඇලජි වුණොත්
ඔයාට මොනවම හරි සන්ස්ක්‍රීන් එකක් ඇලජි වුණොත් වහාම සන් ක්‍රීම් ගාපු සම හොඳින් සෝදන්න ඕනේ. ඊටපස්සෙ 1% හයිඩ්රොකාටිසෝන් OTC ක්‍රීම් හෝ ප්‍රතිහිස්ටමින් ඖෂධයක් සන් ක්‍රීම් ගාපු සමේ ආලේප කරන්න.
ගාන්න ඕන හරිම ක්‍රමය
අව්වට යන්න විනාඩි 20 කට කලින් හිරු එළියට නිරාවරණය වෙන සමේ සෑම තැනකම සන් ක්‍රීම් එක ආලේප කරන්න. ඔයා නිතරම අව්වේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පැය දෙකකට සැරයක් සන් ක්‍රීම් එක නැවතත් ගාන්න. මොකද අපි පාවිච්චි කරන සන් ක්‍රීම් එක දවස පුරා ඇක්ටිව් වෙලා තියෙන්නෙ නෑ. පුළුවන් නම් විතරක් සන් ක්‍රීම් එකක් ගාන්න කලින් කෝමාරිකා ජෙල් එකකුත් ගාන්න. මුහුණට සන්ක්‍රීම් ආලේප කළාට පස්සෙ ඒක උඩ ලයිට් මේකප් එකක් දාන්නත් ඔයාට පුළුවන්.
අනිවාර්යයෙන් දිනපතාම ආලේප කරන්න
විශේෂයෙන් ඔබ සම පැහැපත් කරන නිශ්පාදන පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්නම ඕනෙ. නැත්තම් පිග්මන්ටේශන් ඇතිවෙලා සම විනාස වෙන්න පුළුවන්.
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී
ධනංජය යෂ්වින් ෆර්නෑන්ඩස්
( Bride By Yash )
එරංදි කෞශල්‍යා ✍️