අද අප ජීවත්වන සංකීර්ණ ලෝකය තුළ දිනෙන් දින දැනුම අලුත් වෙන්නේ වේගයෙන්. කාලය සහ වෙනත් ප්‍රශ්න හේතුවෙන් අපට සෑම දෙයක් ගැනම ගැඹුරින් හැදෑරිය හැකි නොවූවත් යමක් ඇසූ පමණින් ඒ කුමක්ද යන දළ සටහනක් මනසේ ඇඳීම කාලීන අවශ්‍යතාවයක්. එය මුලාවේ නොවැටීමට සහායකි. එසේම විවිධ විෂය ක්ෂේත්රයන්ට අදාළ මෙම කරුණු දැනගැනීම ඔබගේ විනෝදයටද හේතු වේ.
උණු වතුර තමයි වේගයෙන් අයිස් වෙන්නේ…
වේගයෙන් අයිස් බවට පත්වන්නේ සීතල වතුර නොව උණුසුම් වතුර. ඊට හේතුව උණුසුම් කළ ජලය වැනි ද්‍රවයක් සමාන තත්ත්වයන් යටතේ සිසිල් වන විට සිසිල් ද්‍රවයකට වඩා වේගයෙන් ඝණ වීමය.
මොනාලිසාට ඇහිබැම නෑ…
මොනාලිසා සුපතල සිතුවමේ ඇහිබැම ඇඳ නොතිබූ බව සාමාන්‍ය පිළිගැනීමයි. එහෙත් පැස්කල් කේස්ටෝ නම් විද්‍යාඥයා එය අසත්‍යයක් බවත් කාලයාගේ ඇවෑමෙන් පිරිසිදු කිරීම් මගින් ඇඳ තිබූ ඇහිබැම මැකී ගොස් ඇති බව සොයාගනු ලැබ ඇත.
ඇට නැති දිව…
ඇට නැති දිව ඕනෑ අතකට නැවිය හැකිය යන උපහාසාත්මක වැකිය අප අසා ඇත. එහෙත් ඒ සියුම් උපහාසය බිඳෙන්නේ සිරුරේ ශක්තිමත්ම මාංශපේෂිය දිව බවය යන සොයාගැනීම තුළිනි. එකිනෙකට බැඳී ඇති මාංශපේෂීන් අටක් දිවෙහි ඇති අතර හකු ඇට ඉහළට එසවීම සඳහා භාවිත වන්නේ දිවේ පේෂකයයි.
විනාඩි 8 ක් විවේක ගන්නා කුහුඹුවන්…
කුහුඹුවන් වේගයෙන් වැඩකරන බව අපි අසා ඇත්තෙමු. එහෙත් කුහුඹුවන් පවා පැය 12 ක් වැඩකිරීමෙන් පසු විනාඩි 8 ක් විවේක ගනී.
ලොව වැඩියෙන්ම කියැවෙන නම මොහොමඩ්…
Columbia Encyclopedia (2000) සයවන සංස්කරණයට අනුව විවිධ උච්චාරණයන්ට යටත්ව ලොව වැඩිම පිරිමි සහ ළමුන් භාවිත කරන නම් මොහොමඩ්ය.
සඳ අනුව බර…
සඳ ඔබේ හිසට ඉහළින් පිහිටි විට කිලෝග්‍රෑම් 0.5 කින් ඔබගේ බර අඩුවන අතර එයට හේතුව සඳේ ආකාර්ෂණයයි. එසේම මුහුදු ජලය ආකර්ෂණයෙන් වඩදිය බාදිය ඇතිවීමටද එය බලපායි.
ඇහි පිහාටු තුනක් ඇති ඔටුවෝ…
ඔටුවකුට ඇහි පිහාටු තුනක් ඇත. ඒ කාන්තාරයේ එන වැලි කුණාටුවලින් ආරක්ෂා වීම සඳහාය.
චොක්ලට් දුන්නොත් බල්ලා මිය යයි…
ඔබගේ සුරතල් බල්ලාට චොක්ලට් අගුණය. එහි අඩංගු Theobromine සුනඛයින්ගේ හදවතට සහ ස්නායු පද්ධතියට අහිතකරය. මෙම සංඝටකය පරිවෘත්තීය ක්‍රියාවලියේදී බිඳ දැමීමට මිනිසුන්ට හැකි නමුත් සුනඛයින්ට එසේ කළ නොහැකිය. එය ඔවුන්ට මරණය ළඟා කරවයි.
වැඩියෙන්ම ඇසිපිය ගහන්නේ කොල්ලොද? කෙල්ලොද?
කාන්තාවන් පිරිමින්ට වඩා දෙගුණයකින් ඇසිපිය හෙලන මතය මිථ්‍යාවකි. ඇසිපිය හෙලීම් දෙකක් අතර පරතරය තත්පර 2-10 අතර බවත් කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම ඇසිපිය හෙලීම විනාඩියකට වාර 10 ක් බවත් විද්‍යාඥයෝ තහවුරු කර. තවද අප කියවීම වැනි තද අවධානයක් යොමුකර සිටීමේදී එම වාර ගණන විනාඩියකට වාර 3 ක් දක්වා අඩුවෙයි.
කිවිසුමක් ගියොත් Bless you කියන්නේ ඇයි?
යමකු කිවිසුම් හැරීමේදී අනෙකෙකු Bless you යන්න පවසන්නේ ඇයිදැයි ඔබ විමසුවාද? ඔබ කිවිසුම් හැරීමේදී හදවත සම්පූර්ණයෙන්ම නතර නොවූවත් හෘදස්පන්දන වේගය අඩුවේ. කලබල විය යුතු නැතත් මේ නිසාය මිනිසුන් ඔබට ආශිර්වාද කරන්න යන අරුතැති Bless you ලෙස පවසන්නේ.
අහස දිහා බලන්න බැරි ඌරෝ…
ව්‍යූහ විද්‍යාවට අනුව ඌරකුගේ බෙල්ලේ මාංශ පේශී සහ කොඳුඇට පෙළ පිහිටා ඇත්තේ හිස ඉහළට එසවීමට නොහැකි ආකාරයෙනි. මේ නිසා ඌරකුට අහස දෙස බැලිය නොහැකිය.
(https://www.savit.in/unknown-facts.php ඇසුරෙනි )
සුනිල් අල්ගම ✍️