අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් කුකුල් මස් කිලෝග්‍රෑම් 1
- මිරිස් කුඩු තේ හැඳි 1/4
- විනාකිරි මේස හැඳි 2
- තම්බාගත් ගොරකා ග්‍රෑම් 200
- ගම්මිරිස් කුඩු මේස හැඳි 5
- රස අනුව ලුණු
- අමු මිරිස් කරල් 4
- බැදපු තුනපහ කුඩු මේස හැඳි 3
- රම්පෙ කැබැල්ලක්
- කරපිංචා ඉති 2
- කුරුඳු පොතු කැබැල්ලක්
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
කුකුල් මස් හොඳින් සෝදා එයට ලුණු, විනාකිරි, මිරිස් කුඩු දමා පැයක් පමණ හොඳින් සීසන් කර ගැඹුරු තෙලේ බැදගන්න. තම්බාගත් ගොරකාවලට අමු මිරිස්, ගම්මිරිස් කුඩු, තුනපහ කුඩු, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු සහ ලුණු දමා අඹරා එය බැදගත් කුකුල් මස්වලට දමාගන්න. කුකුල් මස් මැටි හට්ටියකට දමා පියනකින් වසා මද ගින්නෙ වතුර හිදෙනතුරු පිසගන්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/12/monika-lakshmi.png)