අවශ්‍ය ද්‍රව්‍ය
- මාළු ග්‍රෑම් 500
- දික් අතට කපාගත් මාළු මිරිස් ග්‍රෑම් 500
- වම්බටු ග්‍රෑම් 500
- රතු ලූනු ග්‍රෑම් 250
- අබ ස්වල්පයක්
- ඉඟුරු කැබැල්ලක්
- විනාකිරි කෝප්ප 1
- කහ කුඩු ස්වල්පයක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
මාළු හොඳින් සෝදා ලුණු හා ගම්මිරිස් දමා පැය 1/2 ක් පමණ සීසන් කර ගැඹුරු තෙලේ බැදගන්න. අබ, ඉඟුරු, මිරිස් කුඩුවලට විනාකිරි ස්වල්පයක් දමා හොඳින් අඹරා ගෙන රත්වූ මැටි භාජනයකට රතු ලූනු හා මාළු මිරිස් දමා තෙම්පරාදු කරගන්න. දැන් මෙයට අඹරාගත් පේස්ට් එක, මාළු සහ වම්බටු දමා කලවම් කරගන්න.