අවශ්‍ය ද්‍රව්‍ය
- කෑලි කපාගත් අන්නාසි කෝප්ප 2
- සිහින්ව කපාගත් සුදුලූනු බික් 6
- කරපිංචා ඉති 1
- අබ ස්වල්පයක්
- කපාගත් අමුමිරිස් කරල් 4
- උළුහාල් තේ හැඳි 1
- මිරිස් කුඩු මේස හැඳි 2
- විනාකිරි මේස හැඳි 2
- රස අනුව ලුණු
- සීනි මේස හැඳි 5
- බ්ලෙන්ඩ් කරගත් අන්නාසි යුෂ 1/4
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
අන්නාසි කැබලිවලට සීනි මේස හැඳි 3 ක් හා ලුණු දමා විනාඩි 15 ක් පමණ සීසන් වෙන්න හරින්න. අන්නසි යුෂ ටික රත් කර එයට විනාකිරි දමාගන්න. තෙල් රත්වූ පෑන් එකකට අබ දමා අබ පුපුරන විට සුදුලූනු, කරපිංචා සහ අමුමිරිස් දමා තෙම්පරාදු කර මිරිස් කුඩු, උළුහාල් සහ ලුණු දමා කලවම් කරගන්න. අවසානයට අන්නාසි යුෂ, ලුණු සහ සීනී දමා කලවම් මද ගින්නෙ පිසගන්න.