අද ජීවත්වන වැඩිහිටියන් සියලු දෙනා එදා ළමා අවධියක් ගත කළ අයයි. එසේ නම් අනාගත සමාජයක් හසුරුවන ළමා පරපුරේ මානසික වර්ධනය ගැන අප මීට වඩා සැළකිළිමත් වියයුතුයි නේද? නිසි ළමා මානසික සංවර්ධනයක් නොලැබූ දරුවා කොතෙක් ඉගෙන ගත්තත් කුමන තරාතිරමකට සිටියත් සමාජයට අවැඩදායක බව අපි අත්දැකීම් වලින් පසක් කරගෙන සිටිමු.
නොසළකා හරින්න එපා
අපි දරුවන්ට ආදරය කරමු. එහෙත් සමහර දෙමව්පියන් කල්පනා කරන්නේ දරුවන් තමුන්ගේ මතයට නතුකර ගෙන තමුන්ට කීකරුව ඔවුන්ගේ සිතුම් පැතුම් පරිත්‍යාග කර ජීවත් කරවීම දරුවන් වෙත දක්වන ආදරය බවය. දරුවන් එසේ කිරීම දරුවන් තමුන්ට දක්වන ආදරය බවය’ මෙය වැරදිය. දරුවන්ට චිත්තවේගීය අවශ්‍යතා ඇත.
ඔවුන්ට ආදරය, අගය කිරීම සහ ආරක්ෂාව දැනිය යුතු අතර, ඔවුන්ගේ හැඟීම් වලංගු කරගැනීම සඳහා නිරවුල්ව සහ නිර්භයව ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබිය යුතුය. එසේ කිරීමට ඉඩ ඇහිරීම කාංසාව, මානසික අවපීඩනය සහ චර්යාත්මක ගැටලු ළදරු මනස තුළ වර්ධනය කිරීමකි.
ඕනෑවට වඩා රළු හෝ විවේචනාත්මක වෙන්න එපා
දරුවන් යන්ත්‍ර මෙන් මිනිසුන් නිර්මාණය කරන්නක් නොවේ. ඔවුන් වර්ධනය වෙන්නේ ඔවුන් තුළිනි. ඒ නිසා දරුවන්ට තනිවම නැගී සිටීමට ඇවැසි නිර්මාණාත්මක ප්‍රතිපෝෂණය සහ ධනාත්මක දිරිදීම් දෙමව්පියන් වෙතින් අනවරතව ගලා ආ යුතුය.
ශාරීරික අවශ්‍යතා නොසළකා හරින්න එපා
නිසි වර්ධනය සඳහා දරුවකුට පෝෂ්‍යදායී ආහාර, නිතිපතා ව්‍යායාම සහ ප්‍රමාණවත් නින්දක් අවශ්‍ය වේ. ඒවා නොසළකා හැරීම දරුවකුට සෞඛ්‍ය ගැටලු සහ සංවර්ධන ප්‍රමාද ඇති කරයි.
වැඩි පීඩනයක් පටවන්න එපා
ගවේෂණය කිරීමට, සෙල්ලම් කිරීමට සහ ඉගෙනීමට දරුවකුට ආවේණික වේගයක් ඇත. ඔවුන්ගේ සමාජ ක්‍රියාකාරකම් වෙනුවෙන් වැඩි පීඩනයක් එල්ල කිරීම දරුවකු තුළ ආතතිය, කාංසාව සහ වෙහෙස ඇතිකරයි.
ආරක්ෂාව නොසළකා හරින්න එපා
ශාරීරික හා චිත්තවේගීය හානි වලින් දරුවා ආරක්ෂා කර නොගැනීම තුවාල, අපයෝජන සහ කම්පන වලට හේතු වේ.
නොවැදගත් හැඟීම් ඇතිකරන්න එපා
වැඩිහිටියන්ගේ මෙන් නොව දරුවකුගේ හැඟීම් සැබෑ සහ වලංගු වේ. ඒවා පිළිගැනීම සහ ගරු කිරීම අවශ්‍ය වේ. ඒවා ඉවත ලෑම සහ ඒවාට නෑසූ කන් ඇතිව සිටීම තමා නොවැදගත්ය යන හැඟීම දරුවකුගේ මනසේ රෝපණය කරයි.
තීරණ ගැනීම සහ දඬුවම
දරුවන්ට තීරණ ගැනීමට ඉඩදිය යුතු වන අතර ඔවුන්ට තම ක්‍රියාකාරකම් ගැන වගකීම භාරගත යුතුය. තීරණ ගැනීම බැහැර කිරීමෙන් ඔවුන් බලරහිත සහ අකාර්යක්ෂම වනු ඇත.
දරුවාගේ මනස අවබෝධ කරගැනීම වගකීමකි
දරුවන්ගේ මනස අවබෝධ කරගැනීම තුළින් ඔවුන්ගේ යහපැවැත්ම සහතික වී ඔවුන් සම්පූර්ණ හැකියාවන් කරා ළඟා කරවයි. විවිධ වයස්වලදී දරුවන්ට විවිධ සංවර්ධන අවශ්‍යතා ඇත. ක්‍රීඩාවද වැදගත් වන අතර විවිධ අධ්‍යාපන ශෛලීන්, මාධ්‍ය සහ තාක්ෂණය දරුවන් සඳහා ඇති බව හඳුනාගත යුතුය. ඔවුන්ගේ දියුණුවට උපකාර කිරීම දෙව්පිය, භාරකුරු සහ අධ්‍යාපනඥයින්ගේ වගකීමකි.
( https://medium.com /@lbd32w/the-importance-of-understanding-kids-mind ඇසුරෙන් )
සුනිල් අල්ගම ✍️