අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 4
- සෝයා සෝස් තේ හැඳි 1
- සීනි තේ හැඳි 2
- රස අනුව ලුණු
- තෙල් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බිත්තර, සෝයා සෝස්, ලුණු, සීනි එකතු කර හොඳින් ගසා ගන්න. කොටු හැඩති නොන්ස්ටික් පෑන් එකකට තෙල් ස්වල්පයක් තවරා එයට බිත්තර මිශ්‍රණයෙන් ස්වල්පයක් එකතු කරන්න. බිත්තර සෙට් වූ පසුව එය පැත්තක සිට රෝල් කර නවා පෑන් එකේ පැත්තකට තද කර තබන්න. බිත්තර මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා කලින් මෙන් රෝල් කර ගන්න. අවසානයේ පැති 4 ම හොඳින් බැද පෙති කපා පිළිගන්වන්න.