අවශ්‍ය ද්‍රව්‍ය
- ගල් මාළුවෙක්
- දියකරගත් බටර් මේස හැඳි 4
- දෙහි යුෂ මේස හැඳි 2
- හොඳින් තලාගත් සුදු ලූනු බික් 2
- සීනි තේ හැඳි 1
- චොප් කරගත් පාස්ලි මේස හැඳි 1
- පාන් කුඩු කප් 1/4ක්
- රස අනුව ලුණු හා ගම්මිරිස්
සාදාගන්නා ආකාරය
භාජනයක් ගෙන එයට බටර්, දෙහි, සීනි, සුදුලූනු, පාස්ලි, ගම්මිරිස් සහ ලුණු එකතුකර කලවම් කරගන්න. මාළුවා හොඳින් සෝදා පිරිසිදු කර දෙපැත්තේම තැනින් තැන පිහියෙන් වෙන් නොවන සේ ඉරි ඇඳගන්න.
සාදාගත් මිශ්‍රණය මාළුවා මත හොඳින් තවරා විනාඩි 30 ක් පමණ සීසන් වෙන්න හරින්න. විනාඩි 30 කට පසු මාළුවාගේ දෙපසම හොඳින් පාන් කුඩු දවටා තෙල් ඉසගත් බේකින් ට්‍රේ එකක තබා සෙල්සියස් අංශක 200 ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 15 ක් බේක් කරගන්න.
Misleading. The picture shown is completely different than her recipe.