අවශ්‍ය ද්‍රව්‍ය
- අර්තාපල් ගෙඩි 3
- කැරට් අල 2
- ග්‍රීන්පීස් ග්‍රෑම් 250
- බෝංචි කරල් 8
- මයෝනිස් මේස හැඳි 5
- පොඩි අන්නාසි ගෙඩියක්
- රස අනුව ලුණු
- ගම්මිරිස් කුඩු
සාදාගන්නා ආකාරය
අල, කැරට් කොටුවට කපාගන්න. අල සීතල වතුර එකක පෙගෙන්න හරින්න. අන්නාසි සහ බෝංචි කොටුවට කපාගන්න. කැරට් විනාඩි 2 ක් පමණ තම්බා එම වතුරටම බෝංචි දමා විනාඩි 2 ක් පමණ තැම්බෙන්න හරින්න. එය ඉවත් කර ග්‍රීන්පීස් විනාඩි 2 ක් පමණ තම්බාගන්න.
අවසානයට අල විනාඩි 3 ක් පමණ තම්බාගන්න. බෝල් එකක් ගෙන එයට තම්බාගත් අල, කැරට්, බෝංචි, ග්‍රීන්පීස් හා අන්නාසි සහ ලුණු හා ගම්මිරිස් කුඩු දමාගන්න. මයෝනිස් එකතුකර හොඳින් කලවම් ගන්න.