BTS සහ ලංකාවෙ අලුත් පරම්පරාවේ ළමයි එක්ක තියෙන්නේ ගහට පොත්ත වගේ බැඳීමක්නෙ. කොටින්ම කිව්වොත් අපේ අයට BTS කියන්නෙ ආගමක්. සමහරු ඇත්තටම මේ K-Pop බෑන්ඩ් එකේ සංගීතය රසවිඳිද්දි බොහෝදෙනෙක් BTS පස්සෙ පන්නන්නෙ ළමා සමාජයෙන් කොන් වෙන්න තියෙන ලැජ්ජාවට. කොහොමවෙතත් රැල්ලක් වෙන තරමටම ලෝකෙම වෙලාගත්ත කවුද මේ BTS කියන්නෙ?
දකුණු කොරියාවේ ජනප්‍රියතම පිරිමි සංගීත කණ්ඩායම විදිහට BTS හඳුන්වන එක ගොඩක් ලේසියි. කොරියානු බසින් BTS කියන නමේ තේරුම වෙඩි නොවදින පිරිමි ළමයි කියන එක. ඒත් ඔවුන් ඒ නම Beyond The Scene එහෙමත් නැත්නම් තිරයෙන් ඔබ්බට ලෙස වෙනස් කරගත්තා. ජින්, සුගා, J-Hope, RM, Jimin, V සහ ජන්කුක් තමයි මේ කණ්ඩායමේ සාමාජිකයො හත්දෙනා. ඒ අතරින් 3 දෙනෙක් රැප් ගායකයින් ලෙසත් 4 දෙනෙක් ගායන ශිල්පීන් ලෙසත් කටයුතු කරනවා.
2010 දි BTS කණ්ඩායම පිහිටෙව්වත් ඔවුන් නිත්‍ය වශයෙන් ආරම්භ වෙන්නෙ 2013 ජූනි 12 වෙනිදා. ඔවුන්ගේ රසික නාමයට තමයි BTS army කියන්නෙ. BTS army ගැන කතා කරද්දි රසවත් කතාවක් තියෙනවා. BTS එකට ඉන්නවා ඔවුන්ගේ පළමු රසිකාවියක්. ඇය මිෂිකා හුයා කියන දැරිය. මිෂිකාට පෞද්ගලිකව BTS සාමාජිකයින් මුණගැහිලා පවා තියෙනවා. ඇය කොරියාවේ හැඳින්වෙන්නෙ BTS army එකේ රැජිණ විදිහටයි. කොරියාවේ BTS Army Fan Club එකේ සභාපතිනිය වෙන්නෙත් ඇය.
මේ වෙද්දි BTS සාමාජිකයන්ගෙන් කිහිපදෙනෙක් ඉන්නෙ අනිවාර්යය හමුදා සේවයට බැඳිලා. ඒ අතර J-Hope ඉන්නවා. පහුගිය දවසක ජේ ඔහුගේ 30 වෙනි උපන්දිනය සමරලා තිබුණේ හමුදාවේ රාජකාරිවල නිරත වෙමින් ඉන්න අතරේ.
ඒ පින්තූරයක් ඔහු සමාජ මාධ්‍යයේ බෙදාගත්තෙ ‘Happy Hope Day’ කියන කෙටි වදනක් එක්ක. ඒ වගේම මේ දවස්වල හමුදා රාජකාරිවල හිටියත් තමන්ගේ අලුත්ම ඇල්බම් එක ‘Hope on the street vol ‘ ගැන නිවේදනයකුත් ජේ හෝප් නිකුත් කරලා තියෙනවා. කොටස් 6 කින් යුතු මේ ඇල්බම් එකේ පළමු කොටස මාර්තු 29 වෙනිදා Prime Video හරහා නිකුත් වෙනවා.
මේ අතරේ BTS සාමාජික V ඔහුගේ හමුදා සේවයට රසිකයින් එක්ක තියෙන සම්බන්ධය නැති කරන්න ඉඩ දුන්නෙ නෑ. 28 හැවිරිදි V වැලන්ටයින් දිනය වෙනුවෙන් මල් තේමාවෙන් ඡායාරූප කිහිපයකට පෙනී හිටියා. V ගෙ මේ ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීමත් එක්කම ඒක වෛරල් වුණා. BTS රසිකයින් එම ඡායාරූප හැඳින්වුවේ තමන්ට ලැබුණ හොඳම වැලන්ටයින් තෑග්ග විදිහටයි.
X, Linkedln හෝ වෙනත් ක්‍රමයකින් ඔයාලටත් පුළුවන් BTS එක්ක සම්බන්ධ වෙන්න. BTS ලගෙන් කරන්න විශේෂ ඉල්ලීමක් එහෙම තියෙනවනම් Info@bts.global විද්‍යුත් තැපෑල හරහා ඔවුන් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. BTS කණ්ඩායමේ කවුරුමහරි ඉක්මණින්ම ඔයාව සම්බන්ධ කරගනීවි.
එරංදි කෞශල්‍යා ✍️
අයිසේ මගෙන් ඇහුව නම්
මන් අලුත් විස්තර ටිකක් කියනවා 😂😂 ඊයා රීච් හිගන්නො