අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි ග්‍රෑම් 200
- සීනි ග්‍රෑම් 250
- කොකෝවා පවුඩර් ග්‍රෑම් 40
- බටර් ග්‍රෑම් 250
- බේකිං පවුඩර් තේ හැඳි 2
- බිත්තර 4
සාදාගන්නා ආකාරය
පිටි සමඟ බේකිං පවුඩර් මිශ්‍ර කර කොකෝවා පවුඩර් දමා තුන්වතාවක් හලා ගන්න. බටර් සීනි එකට බීට් කර එයට බිත්තර එකින් එක දමා සීනි දියවන තුරු මද වේගයෙන් බීට් කරගන්න. කෝකෝවා සහ පිටි මිශ්‍රණය ස්වල්පය බැඟින් එකතු කරගන්න. තත්පර 45 ක් පමණ වැඩි වේගයෙන් බීට් කර මිශ්‍රණය අඟල් 8 ක තැටියකට දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වය යටතේ විනාඩි 40-45 ක් බේක් කරගන්න.