අවශ්‍ය ද්‍රව්‍ය
- කීරි සම්බා කිලෝග්‍රෑම් 1
- එළගිතෙල් මිලිලීටර් 25
- පොඩියට කපාගත් කැරට් ග්‍රෑම් 200
- කජු මද ග්‍රෑම් 50
- සිහින්ව කපාගත් ලූනු ග්‍රෑම් 50
- කහ කුඩු තේ හැඳි 1/2
- කරපිංචා ඉති 1
- එනසාල් 4-5
- රස අනුව ලුණු
- අවශ්‍ය පමණට වතුර
සාදාගන්නා ආකාරය
සහල් ගරා හොඳින් සෝදාගන්න. භාජනයක් ළිප තබා එයට එළගිතෙල් දමා රත්වූ පසු සෝදාගත් සහල් සහ ඉතිරි සියල්ලම දමා තෙම්පරාදු කර මද වේලාවකට පසු පදමට වතුර එකතුකර බත පිසගන්න.