ඉන්දියාවේ ධනවතුන්ගේ ලැයිස්තුවේ ප්‍රමුඛයා සේ සැලකෙන මුකේශ් අම්බානි සහ නීතා අම්බානිගේ බාල පුත් ආනන්ත් අම්බානිගේ විවාහ ගිවිස ගැනීම ජනවාරි මාසයේදී සිදු වුණා. ෆෝබ්ස් ලැයිස්තුවට අනුව මුකේෂ් අම්බානි ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ දහවැනියා වන අතර ආසියාවේ ධනවතුන් අතර ප්‍රමුඛතමයා වෙනවා. දක්ෂ මූල්‍ය කළමනාකරණයෙන් ඔහු පිය උරුමයෙන් ලත් ව්‍යාපාරික පදනම තව දුරටත් සුරක්ෂිත කරගැනීමට සමත් වුණා. තිදරු පියෙකු වන මුකේෂ්ගේ දියණිය වන ඊශාගේ විවාහ මංගල්‍යයද විශාල වියදමක් දරා සිදුකරන ලද විවාහයක් ලෙසින් වාර්තාගත වී තිබෙනවා.
ආනන්ත් අම්බානිගේ මනාලිය කවුද?
ලෝක ධනවතුන් අතර සිටින අම්බානිගේ පුත් විවාහ වුණේ තවත් එවැනිම ධනවත් පවුලක තරුණියක සමගයි. ඇය Encore Healthcare සමාගමේ විධායක නිළධාරී විරන් මර්චන්ට්ගේ දියණියයි. වයස අවුරුදු 29 ක් වුණ රාදිකා මර්චන්ට් සහ අනන්ත් අතර ගොඩනැගුණ ආදරය අවසානයේ අසිරිමත් වූ විවාහයකින් නීතිගත වී අවසානයි. ඔවුන්ගේ විවාහ මංගල්‍ය උත්සවය මේ වසරේ ජූලි මාසයේ 12 වැනි පැවැත්වීමට නියමිතව අතර එය නිමිති කරගෙන පූර්ව විවාහ මංගල්‍යක් හෙවත් “pre-wedding party” උත්සවය මාර්තු 1 වැනි දාසිට 3 වැනි දින දක්වා ගුජරාටියේදී පැවැත්වුණා.
මනාලයා මහතයි
ඔවුන්ගේ විවාහය ගැන ලෝකයට කතා කරන්නට මාතෘකා දෙකක් තිබෙනවා. ඒ මාතෘකා දෙක නම් මේ තරම් ධනයක් වැය කිරීම සහ මනාලයාගේ මහතයි. ඉන්දියාවේ මංගල්‍ය උත්සව වෙනුවෙන් විශාල මුදලක් වැයකිරීම සහ අතිශය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමේ ප්‍රවණතාවක් දැන් වර්ධනය වෙමින් පවතිනවා. ඇතැම් මංගල්‍ය උත්සව වෙනුවෙන් ඩොලර් මිලියන 75 ක් තරම් මුදලක් වැයකරන අතර පවතින සංඛ්‍යා ලේඛන අනුව විවාහ මංගල්‍යය එරට ව්‍යාපාරයන්හි හතරවැනි ස්ථානයට පත් වී තිබෙනවා.
ආනන්ත් සහ රධීකාගේ විවාහ මංගල්‍ය වෙනුවෙන් කෝටි 100 ක මුදලක් මේ වන විටත් ඇස්තමේන්තු කර අවසානයි.ආනන්ත්ගේ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ස්ටෙරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබාගැනීම නිසා මේ අන්දමින් මහත් වී ඇති අතර ඔහු දැනට ආහාර පාලනය කරමින් තමන්ගේ සිරුරේ බර පාලනය කර ගැනීමට වැඩි අවධානයක් දක්වනවා.
ආරාධිතයන් 1200 ක්
ඔවුන්ගේ “pre-wedding party” වෙනුවෙන් ආරාධිතයන් 1200 ක් සහභාගී වුණා. ඒ අතරට මාක් සකර්බර්ග් යුවළ, බිල් ගේට්ස් යුවළ,ඉවන්කා ට්‍රම්ප් යුවළ සහ දියණිය, ඩිස්නි විධායක නිළධාරී Bob Iger වැනි ව්‍යවසායකයින්ද ෂාරුක්, සල්මන් සහ අමීර් ඛාන් පවුල, දීපිකා පදුකෝන්,රන්වීර් සිං වැනි කලා ලෝකයේ දැවැන්තයින්ද සහභාගී වුණා. ඔවුන් වෙනුවෙන් වූ භෝජනසංග්‍රහය Jogwad ග්‍රාමයේ සිදු වුණා. පැය 24ක් පුරාම ආහාර මේසය විවෘතව තිබුණ අතර සූපවේදීන් 21 දෙනෙකු මේ වෙනුවෙන් සහභාගී කරගත්තා. මේ අය අතරට එක් පිරිමි සූපවේදීයෙක් සහ කාන්තා සූපවේදින් 20 ක් ඇතුළත් වුණා.
මෙම උත්සවයේදී ආහාර වර්ග 2500 ක් සකස් කළ අතර එයට ජපන්, තායි,මැලේසියානු, මෙක්සිකානු ආහාර ඇතුළත් වුණා. උදේ ආහාරය වෙනුවෙන් ආහාර වර්ග 75 ක්, දිවා ආහාරය වෙනුවෙන් ආහාර වර්ග 225 ක් සහ රාත්‍රි ආහාරය වෙනුවෙන් ආහාර වර්ග 275ක් ඇතුළත් වුණා. අතුරුපස වර්ග 85 ක් ඊටඇතුළත් වුණා. මධ්‍යම රාත්‍රී භෝජන සංග්‍රහය වෙනුවෙන් වූ ආහාර මේසය පසුදා උදෑසන වනතෙක් විවෘතව තිබුණා. මේ නිසා ආරාධිතයන් වෙනුවෙන් එකම ආහාරය දෙවැනි වතාවට ලැබුණේ නැහැ.
උත්සවයේ විචිත්රාංග
උත්සවයේ ගීත ගායනා කිරීම වෙනුවෙන් රිහානාට ඇරයුම් කළා. ඇය ගීත 19 ක් ගායනා කළ අතර Umbrella, “Diamonds සහ Work,වැනි ගීත ඒ අතරට ඇතුළත් වුණා.පාවහන් නොමැතිව වේදිකාවට පැමිණි රිහානා ඉතා උණුසුම් අන්දමින් නව යුවළට සුබ පැතු අතර වසර අටකට පසුව ඇයට හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට ලැබුණ සුවිශේෂී අවස්ථාවක් බැව් සඳහන් කළා. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සහ ඇගේ දියණිය අර්බෙලා රෝස් විසින් ඉන්දියානු ජන නැටුමකින් මෙම උත්සවය තවත් විචිත්‍රවත් කළා.
මාර්තු පළමුවැනිදා
ආරාධනා පත්‍රය පිටු අටකින් සමන්විත අතර න්‍යාය පත්‍රය එහි ඇතුළත් න්‍යාය පළමු දවසේ තේමාව cocktail යනුවෙන් නම් කළා. උත්සවයේ පළමු දවසේ කොක්ටේල් උත්සවයක් පැවැති අතර රාත්‍රියේ ඩ්‍රෝන යානා ප්‍රදර්ශනයකින් ආරාධිතයන් සතුටු කිරීමට සැලසුම් කර තිබුණා.
මාර්තු දෙවැනිදා
මෙම දවසේ “A walk on the wild side ” තේමාව යනුවෙන් නම් කර තිබෙනවා. උත්සවයට සහභාගී වූ ආරාධිතයන් සමග ආනන්ත්ගේ සතුන් ගලවා ගැනීමේ මධ්‍යස්ථානය නැරඹීමට කටයුතු සැලසුම් කර තිබුණා. අම්බානි පවුල පරිසරයට ආදරය කරන පවුලක් බැව් රහසක් නොවේ.
ජමන්ගාර්හි ඉදි කරන ලද නිවස සංකීර්ණයේ නිවාස 17,000 ක් සහ අඹගස් ලක්ෂයකට අධික ප්‍රමාණයක් කුරුල්ලන්ගේ පලතුරු වෙනුවෙන් වෙන් කිරීමට නීටා අම්බානි ( මනාලයාගේ මව ) තීරණය කළා. එමෙන්ම විවේකය ලද හැම අවස්ථාවකදිම ඔවුන් සතුන් නැරඹීම වෙනුවෙන් සෆාරි සංචාරයන්හි යෙදුණා.
ඒ නිසාම ආනන්ත් අම්බානි ද පරිසරයට ආදරය කරන සතුන්ට කරුණාව දක්වන චරිතයක් ලෙසින් අදටත් ප්‍රසිද්ධිය ලබාගෙන සිටිනවා. ඔහු “ vântara” නමින් ව්‍යාපෘතියක් පවත්වා ගෙන යනවා. අනතුරට පත් සතුන් සුවපත් කිරීමේ අරමුණ මත පවත්වාගෙන යන මේ මධ්‍යස්ථානයේ අලියන් 230 ක් පමණ ප්‍රතිකාර ලබා සුවය ලබා සිටිනවා. අලියන්ට ඔක්සිජන් ලබාදීමට වෙනම කාමරයක්, ඔවුන්ට උණුවතුර සම්බාහනය සඳහා ස්ථානයක් පිහිටුවා තිබෙනවා.
මෙම සතුන් වෙනුවෙන් විවිධ රස ඇති ලඩ්ඩු පිළියෙළ කරනවා. ඒ වගේම හිමාලය ප්‍රදේශයේ කාබනික පොහොර යොදා වගාකරන ලද ඇපල් සතුන්ගේ ආහාර වෙනුවෙන් ලබා දෙනවා.“ මම දෙවියන් දැක නැහැ නමුත් මම හැම සතෙකුගෙන්ම දෙවියන් දකිනවා. මෙම ව්‍යාපෘතිය ගැන අදහස් දක්වමින් ආනන්ත් කියා සිටිනවා.
මාර්තු තුන්වැනිදා
මෙදින තේමාව ” Tusker trails” යනුවෙන් නම් කළ අතර ආරාධිතයන් සමග පරිසරයේ අසිරිය විඳගැනීමේ අවස්ථාව ලබා දීමට අම්බානි පවුල අමතක කළේ නැහැ. මෙම උත්සවයේදී උත්සව සභාව අමතමින් රාධිකා සඳහන් කළේ අම්බානි පවුලට සම්බන්ධ වීම ඇය ලත් භාග්‍යක් බවයි.ඒ වගේම අද මම මේ තැනට ආවානම් මගේ මව සහ පියාගේ ධෛර්යෙන් සහ මග පෙන්වීම නිසා බැව් උත්සව සභාව අමතමින් කියා ආනන්ත් කියා සිටියා. පෙර උත්සවය මෙහෙම නම් විවාහ මංගල්‍යය සිතා ගත නොහැකි අසිරිමත් සංදර්ශනයක් වනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබෙනවා
Business insider ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️