උපත් පාලනය ගැන අද සමාජය ඉතා හොඳින් දැනුවත්. දිනෙන් දින ඉහළ යන ලෝක ජනගහනය පාලනය කර ගැනීම සඳහා උපත් පාලනයේ වැදගත්කම ගැන මිනිසා දැනුවත් වී දැන් දශක ගණනාවක් ගෙවී ගොස් අවසානයි. නමුත් උපත් පාලනය හෙවත් “Birth control ” යනුවෙන් අද අප විසින් හඳුන්වන පවුල් සැලසුම ක්‍රමවල ආරම්භයට වසර 3500 ක් පමණ ගෙවී අවසානයි. ක්‍රි.ව 1550 දී පමණ ඊජිප්තුවේ පැපිරස් පත්‍රවල උපත් පාලන ක්‍රම ගැන තොරතුරු ඇතුළත් වෙනවා. වියළා ගත් පැපිරස් කොළවල සටහන් කර තිබෙන වෛද්‍ය ප්‍රතිකාර පත්‍රිකාවන් Egyptian Ebers Papirus මි යන නමින් හැඳින්වෙනවා.
මේ නම ලැබුණේ කොහොමද?
සකස් කර ගත් වියළි පැපිරස් කොළ ඊජිප්තුවේ ලක්සූර් නගරයේ අලෙවියට තබා තිබුණා. ජර්මනියේ එක්තරා පුද්ගලයෙකු විසින් මිලට ගත්තා. ඔහුගේ නම “එබර්ස්” නිසා ඒ පුද්ගලයා සිහිපත් වීම පිණිස මෙම පත්‍රිකාවන්ට “Ebers Papirus” යනුවෙන් නම තැබුවා. ඔහු මේ පොත 1873 වසරේදී මිලට ගත් අතර එය ඊජිප්තු භාෂාවෙන් තිබූ එම පත්‍රිකාවන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. මෙම පත්රිකාවන්හි පවුල් සැලසුම් ක්‍රම වෙනුවෙන් වූ ප්‍රතිකාර අන්තර්ගතව තිබෙන බැව් එම ලිපි ලේඛන ආශ්‍රිතව ලබා ගත් තොරතුරු වලින් පෙන්වා දී තිබෙනවා.
පුරාණ උපත් පාලන ක්‍රම
පුරාණ කාලයේදී උපත් පාලනය වෙනුවෙන් විිවිධ ක්‍රම භාවිත කර තිබෙනවා. රට ඉඳි, මී පැණි හා ඇකේසියා කොළ අඹරාගෙන සකස් කර ගත් තලපයක් කාන්තාවගේ යෝනි මාර්ගයට ඇතුළු කරනවා. ඊට අමතරව සතුන්ගේ අතුනු බහන් වලින් කොන්ඩම් වැනි ආරක්ෂිත කොන්ඩම් සකස් කර ගෙන තිබෙනවා. මේ ක්‍රමවේදය තව දුරටත් වැඩිදියුණු කරමින් කොන්ඩම් රබර් වලින් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා.
19 වන සියවසෙන් පසුව
උපත් පාලන ක්‍රම සඳහා වසර 3500 ක පමණ ඉතිහාසයක් තිබුණත් සංවර්ධනය කරන ලද උපත් පාලන කොපු ගැන සමාජය අවදි වී සිටින්නත් කාලයක් ගත වුණා. අද වනවිට බොහෝ සෙයින් වැඩි දියුණු කරන ලද උපත් කොපු භාවිත වෙනවා.
ඒවා වර්ණයෙන් හා විවිධ රසයන්ගෙන් යුක්ත වී තිබෙනවා. 1914 වසරේ උපත් පාලන කොපු සමාජය තුළ සුලබ කිරීමේ කාර්යය ගැන සඳහන් කරනවා නම් අපි මාගරට් සැන්ජර්ට ස්තුතිවන්ත වීම ඉතාම අවශ්‍යයි. ඇය වෘත්තියෙන් හෙදියක්. ඒ වගේම සමාජ ක්‍රියාකාරිනියක්.
පවුලක් සැලසුම් කිරීමේදී අනවශ්‍ය අන්දමින් දරුවන් වැඩි වීම පවුලක ආර්ථිකයට වගේම සෞඛ්‍යටත් බලපාන බැව් ඇය විසින් තේරුම් ගත්තා. ඒ වෙනුවෙන් ඇය විසින් ගැබ් ගැනීම් වළක්වා ගැනීමට සමාජය දැනුවත් කිරීමේ මෙම ව්‍යාපෘතිය Birth control යන නමින් ලෝකයට හඳුන්වා දුන්නා.
Birth control යන නමින් හැඳින්වෙන මේ ක්‍රමයට සැන්ජර් විසින් අපූරු අර්ථ කථනයක් ලබා දී තිබෙනවා. “නිදහස කරා යන ගමනේ කාන්තාවක් විසින් තැබිය යුතු මුල් පියවර වන්නේ උපත් පාලනයයි”. වනාත්තරයේත් ආහාර අඩු වන කාලයක් ඇති වෙනවා. මේ කාලයේදී ඇතුන්, සිංහයින් සහ කොටියන් සංසර්ගයේ යෙදෙන්නේ නැහැ. ආහාර අඩු වන විට තමන්ගේ දරුවන් පෝෂණයට හැකියාවක් නැති බැව් මේ සතුන් දන්නවා.
(ඇමරිකන් එක්ස්ප්‍රස් ඇසුරෙන්)
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️