අවශ්‍ය ද්‍රව්‍ය
- බෙල්පෙපර් ගෙඩි 3
- අඹරාගත් චිකන් ග්‍රෑම් 100
- චොප්කරගත් ලූනු ගෙඩි 1
- ටොමැටෝ පේස්ට් කෝප්ප 1/2
- තෙල් ස්වල්පයක්
- පිසගත් බත් කෝප්ප 1
- සෝයා සෝස් මේස හැඳි 1
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- ග්‍රේට් කරගත් චීස් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
බෙල්පෙපර් ගෙඩිවල උඩ නටුවට පහලින් කපා මැද ඇටටික ඉවත් කරගන්න.පෑන් එකක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් එකතුකර රත් වීගෙන එනවිට චිකන් හා ලූනු ටික දමා හොඳට තෙම්පරාදු කරගන්න.
චිකන් ටික තැම්බීගෙන එනවිට ටොමැටෝ පේස්ට් සහ බත් ටික එකතු කරන්න. සෝයා සෝස්, රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දමා චීස් එකතුකර හොඳින් කලවම් කර තවත් විනාඩි 5 ක් පමණ පිස ළිපෙන් ඉවත් කරගන්න. අවසානයේ සුද්ද කරගත් බෙල්පෙපර්වලට මේ මිශ්‍රණය පුරවන්න. උඩින් ග්‍රේට් කරගත් චීස් ස්වල්පයක් එකතුකර සෙල්සියස් 180 ක උෂ්ණත්වයට විනාඩි 15 ක් පමණ බේක් කරගන්න.