අවශ්‍ය ද්‍රව්‍ය
- සෝදා දෙකට කපාගත් බට්න් මෂ්රූම් පැකට් 1
- ඔලිව් ඔයිල් මේස හැඳි 2
- බටර් මේස හැඳි 2
- චොප්කරගත් ලූනු මේස හැඳි 2
- චොප්කරගත් සුදු ලූනු බික් 3
- පාන්පිටි මේස හැඳි 1
- වතුර කෝප්ප 3
- රස අනුව ලුණු හා ගම්මිරිස්
- නැවුම් එළකිරි කෝප්ප 1/4
සාදාගන්නා ආකාරය
තෙල් රත්වූ පෑන් එකකට සුදුලූනු දමා හොඳින් කලවම් කර හතු එකතුකර විනාඩියක් පමණ හොඳින් හැඳිගාන්න. මෙයට පාන්පිටි, වතුර, ලුණු හා ගම්මිරිස් දමා විනාඩි පහක් පමණ හොඳින් කලවම් කරගන්න. සුප් එක උතුරගෙන එනවිට ළිප නිවා නැවුම් එළකිරි දමා හොඳින් කලවම් කරගන්න.