අවශ්‍ය ද්‍රව්‍ය
- මෂ්රූම් පැකට් 1/2
- පාන්පිටි කෝප්ප 1/2
- කෝන්ෆ්ලා කෝප්ප 1/4
- මිරිස්කුඩු මේස හැඳි 1/4
- ගම්මිරිස්කුඩු මේස හැඳි 1/4
- ඉඟුරු, සුදුලූනූ පේස්ට් මේස හැඳි 1/4
- රස අනුව ලුණු
- වතුර කෝප්ප 1/2
- බැදගැනීමට තෙල්
සෝස් එකට අවශ්‍ය ද්‍රව්‍ය
- තෙල් මේස හැඳි 3
- චොප්කරගත් සුදුලූනු මේස හැඳි 1
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
- අමුමිරිස් කරල් 2
- ලූනු කොළ මේස හැඳි 2
- කපාගත් ලූනු ගෙඩි 1
- කොටු හැඩයට කපාගත් මාළු මිරිස් කෝප්ප 1/2
- තක්කාලි සෝස් මේස හැඳි 2
- චිලී සෝස් මේස හැඳි 1
- විනාකිරි මේස හැඳි 1
- සෝයා සෝස් මේස හැඳි 1
- රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු
- සීනි මේස හැඳි 1/4
- කෝන්ෆ්ලා දියකරගත් වතුර මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
භාජනයක් ගෙන එයට පාන් පිටි, වතුර, කෝන්ෆ්ලා, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු දමා බැටර් එකක් සාදා හතු ටික තවරා ගැඹුරු තෙලේ බැදගන්න.තෙල් රත්වූ පෑන් එකකට සුදුලූනු, ඉඟුරු සහ අමුමිරිස් දමා කලවම් කරන ගමන් බී ලූනු ටික දමාගන්න.
මාළු මිරිස්, තක්කාලි සෝස්, චිලී සෝස්, විනාකිරි, සෝයා සෝස්, සීනි, ලුණු සහ ගම්මිරිස්කුඩු එකතු කරගන්න. කෝන්ෆ්ලා වතුර ටික දමා කලවම් කරන අතරතුර බැදගත් හතු ටික දමා කලවම් කර අවසානයට චොප්කරගත් ලූනු කොළ ටිකක් ඉසගන්න.