අවශ්‍ය ද්‍රව්‍ය
- පොල් ග්‍රෑම් 100
- ඉඳිආප්ප පිටි ග්‍රෑම් 250
- ලුණු තේ හැඳි 1
- අවශ්‍ය පමණට වතුර
- හකුරු ග්‍රෑම් 150
- දුඹුරු සීනි ග්‍රෑම් 100
- වතුර කෝප්ප 1/2
- එන්සාල් කුඩු තේ හැඳි 3/4
සාදාගන්නා ආකාරය
පොල් ටික තරමක් බැදගන්න. ඉඳිආප්ප පිටි එකතු කර විනාඩි 2-3 ක් පමණ බැද ගන්න. බෝල් එකකට ලුණු සහ වතුර එකතු කර පිට්ටුව සඳහා කැට සාදා ගන්න. රෙදි කැබැල්ලක් ස්ටීමර් එකේ තබා පිට්ටු මිශ්‍රණය එකතු කර පිට්ටුව තම්බා එය බෝල් එකකට එකතු කර හොඳින් පොඩි කර හකුරු, දුඹුරු සීනි, ලුණු සහ වතුර එකතු කර පැණි උණු කරගන්න. පිට්ටුව සහ එන්සාල් කුඩු එකතු කර මිශ්‍රණය පදමට ආ පසු තැටියක තුනී කර කෑලි කපා ගන්න.