cell -free DNA (cfDNA)
පිළිකාවක් කල්තබා හඳුනා ගතහොත් සුවය ලැබීමේ හැකියාවක් තිබෙනවා.නමුත් අවාසනාවකට මෙන් පිළිකාවක නිමිති බොහෝ විට දකින්න ලැබෙන්නේ එහි ව්‍යාප්තියෙන් පසුව නිසා රෝගියා අසරණ වෙනවා. කොතරම් වැඩි දියුණු කරන ලද ප්‍රතිකාර තිබුණත් ඒවා ලබා දීමෙන් පිළිකාව සුවපත් කිරීමේ අදියර පසු වී තිබුණොත් අදාල ප්‍රතිකාර පවා නිෂ්ඵල වෙනවා. බ්‍රිතාන්‍ය තුළ දහස් ගණනින් පිළිකා රෝගීන් වාර්තා වන අතර ඒ අතරින් පෙනහලු පිළිකා රෝගීන්ගේ වාර්තා වීම ඉහළ යන ප්‍රවණතාවයක් ඇති බවත් වාර්තා වෙනවා. මහා බ්‍රිතාන්‍යයේ පමණක් වසරකට පෙනහලු පිළිකා රෝගීන් 47,000 ක් පමණ වාර්තා වන අතර ලෝකයේ පිළිකා අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් පෙනහලු පිළිකා රෝගීන් බැව් හඳුනාගෙන තිබෙනවා. මේ නිසා පෙනහලු පිළිකාව කල් තබා හඳුනා ගැනීම වෙනුවෙන් වූ රුධිර පරීක්ෂණයක් පිළිබඳව මහා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය යෝජනා ක්‍රමය මගින් පර්යේෂණ සිදු කර තිබෙනවා. මහා බ්‍රිතාන්‍යයේ පුද්ගලයන් දහ දෙනෙකුගෙන් හතර දෙනෙක් පෙනහලු පිළිකා රෝගී තත්ත්වයට පත්ව ඇති අතර ඊට ප්‍රධාන හේතුව දුම්පානය බැව් සඳහන් වෙනවා.
පෙනහලු පිළිකා රෝග ලක්ෂණ
පෙනහලු පිළිකාවක මුල් අදියරේදී රෝග ලක්ෂණ දක්නට නොලැබුණත් පිළිකාව වර්ධනය වීමත් සමග යම් යම් රෝග තත්ත්වයන් ඇති වෙනවා.
- තද කැස්ස
- කැස්ස සමග රුධිරය පිටවීම
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- සිරුරේ බර අඩු වීම
- මහන්සිය
පෙනහලු පිළිකා රෝග තත්ත්වයට පත් වන රෝගීන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙක්ම වසර පහක් තුළ මිය යන අතර වසර දහයකට වඩා වැඩි කාලයක් ජීවත් වීමේ හැකියාව ලැබෙන රෝගීන්ගේ සංඛ්‍යාව 10% ක් බැව් වාර්තා වෙනවා.
ජානමය පරීක්ෂාවක්
මේ නිසා පෙනහලු ආශ්රිත පිළිකා තත්ත්වය කල් තබා හඳුනා ගැනීමේ පරීක්ෂණයක් මහා බ්‍රිතාන්‍යයේ රෝයල් මේඩ්න් රෝහල මගින් ආරම්භ කර තිබෙනවා. මේ වන විට පෙනහලු පිළිකා රෝග තත්ත්වය තහවුරු කර ගැනීමට පටක සාම්පලයක් ලබා ගන්නා අතර එය රසායනාගාර පරීක්ෂණ වෙනුවෙන් යොමු කරනවා. මෙම වාර්තාව ලබා ගැනීමට යම් කාලයක් ගත වෙනවා.
කල් තබා හඳුනා ගැනීමට
මේ අන්දමින් ගත වන කාලය තුළ රෝගියාගේ පිළිකා රෝග තත්ත්වය තව දුරටත් වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ නිසා පිළිකාවක පෙරනිමිති පෙන්වීමටත් පෙරාතුවම ශරීරයේ පෙනහලු පිළිකාවක් වර්ධනය වීමේ තත්ත්වයක් පවතිනවා දැයි හඳුනාගැනීම වෙනුවෙන් වූ නවතම පරීක්ෂණයක් දැන් හඳුනාගෙන තිබෙනවා.
මෙම පරීක්ෂණය cell-free DNA (cfDNA) යනුවෙන් නම් කර තිබෙනවා. පිළිකා වර්ගයේ ගෙඩියකින් රසායනයන් රුධිරයට නිදහස් වීම කල් තබා සිදු වුණත් එය රෝගියාට හෝ දැනට පවතින පටක පරීක්ෂණය අනුව පැහැදිළිව හඳුනා ගැනීම අපහසුයි.
මෙම අධ්‍යයනයේ ප්‍රධානී පිළිකා රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය සන්ජේ පොපට් සඳහන් කරන අන්දමට ජාන කේතයන්හි සිදු වන රසායනික වෙනස්කම් වලට පෙරාතුව ශරීරයේ පිළිකාවක අනතුරු ලකුණු ඇති බැව් හඳුනා ගැනීමට මෙම cfDNA පරීක්ෂණය මගින් හැකියාව ලැබෙනවා.
ඒ වගේම පෙනහළු පිළිකාවක් ඇති වීමට දුම්පානය හේතුවක් ලෙසින් සඳහන් වුණත් දුම්පානය නොකරන ඉතා අඩු වයසේ තරුණ පුද්ගලයන් අතර පවා පෙනහලු පිළිකා රෝගීන් වාර්තා වන බැව් පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබෙනවා.
කිමෝ ප්‍රතිකාර
පිළිකා රෝගීන් ගැන සඳහන් කරන විට කිමෝ ප්‍රතිකාර අනිවාර්යයි. එය රෝගියාට ඉතාම අපහසු අදියරයක්. නමුත් cfDNA පරීක්ෂණය මගින් පිළිකාවක තත්ත්වය කල් තබා හඳුනා ගැනීම නිසා කිමෝ ප්‍රතිකාර ලබා දීමට පවා අවශ්‍ය නොවන බැව් මෙම පර්යේෂක කණ්ඩායම විසින් සඳහන් කර තිබෙනවා.
ඒ නිසා රෝගියා නේවාසිකව ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නැහැ. වමනය, මහන්සිය, ශාරීරික වේදනාව, හිසකෙස් හැලීම වැනි කිරණ ප්‍රතිකාර ලබා ගැනීමේදී ඇතිවන අපහසුතාවයන්ගෙන්ද රෝගීයා නිදහස් වීම වැනි වාසි බොහොමයක් ලැබෙනවා.
උතුරු තේම්ස් හි ජාන රසායනාගාරයේ වෛද්‍ය මිචෙල් හියුබෑන්ක් සඳහන් කරන්නේ වසර ගණනාවක පටන් මෙම පරීක්ෂණය මගින් පෙනහළු පිළිකාව හඳුනා ගැනීමේ පරීක්ෂණ ගැන වෛද්‍යවරුන් විසින් අනාවැකි ප්‍රකාශ කර තිබුණ බවයි.
ඒ වගේම නියමු ව්‍යාපෘතිය දැන් ආරම්භ වී තිබීම ඉතාම සතුටට කරුණක් බැව් ප්‍රධාන විද්‍යාඥ මහාචාර්ය ඩේම් සු සඳහන් කරනවා.
පෙනහලු පිළිකා රෝගීන්ට ප්‍රතිකාර
පෙනහළු පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේදී බලපාන කරුණු කීපයක් තිබෙනවා.
- පිළිකාවේ ස්වභාවය.
- පිළිකාවේ පැතිරීම.
- රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය.
- ශල්‍ය කර්මයක් මගින් ආසාදිත කොටස් ඉවත් කිරීම.
- ශල්‍යකර්මයකින් ඉවත් කර Radiotheraphy ප්‍රතිකාර වලටත් ඔරොත්තු නොදෙන පිළිකා සඳහා කිමෝ ප්‍රතිකාර ලබා දීම.
- මෙම ප්‍රතිකාර මගින් පෙනහලු පිළිකා සුව වීමක් සිදු නොවුනද එහි පැතිරීම බාල කිරීමේ හැකියාව
තිබෙනවා. ඒ අතර මහා බ්‍රිතාන්‍යයේ ක්වින්ස් මේරි විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකට අනුව පිළිකාව වර්ධනය වීමට අවශ්‍ය පෝෂක අවහිර කරන ඖෂධයක් නිෂ්පාදනය කර තිබෙනවා. මෙම ඖෂධය මගින් ඇස්බැස්ටෝස්වලට නිරාවරණය වීම නිසා ඇති වන Mesothelioma පිළිකා තත්ත්වයට ප්‍රතිකාර ලෙසින් යොදා ගැනීමේ හැකියාවක් ඇති බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා.
2017-2021 අතර කාලයේදී බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය වැනි රටවල් 43 ක් සම්බන්ධ කරගෙන මෙම අධ්‍යයනය සිදු කරනු ලැබුවා. මෙතෙක් පෙනහලු ආශ්රිත පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාර සමග සාපේක්ෂ කරමින් බලන විට “පෙගාර්ගිමින්ස් යනුවෙන් හැඳින්වෙන මෙම ඖෂධය 9.3% ක් ඉදිරියෙන් ඇති බැව් පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබෙනවා.
( ඩේලිමේල් ඇසුරෙන් )
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️