අවශ්‍ය ද්‍රව්‍ය
- ගාගත් පොල් ග්‍රෑම් 500
- සීනි ග්‍රෑම් 300
- එනසාල් 2- 3
- කුරුඳු කෑලි 2
- කපාගත් කජු ග්‍රෑම් 50
- සිහින්ව කපාගත් දෙහි කොළ 1
- හාල් පිටි ග්‍රෑම් 100
- පාන්පිටි ග්‍රෑම් 50
- බැඳ ගැනීමට තෙල්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
සුදුසු භාජනයක් ළිප තබා එයට සීනි, ගාගත් පොල්, කජු, කුරුඳු, එනසාල්, සහ ලුණු දමා හොඳින් හැඳි ගාමින් මලවා ගන්න. ඉන්පසු හාල්පිටි, පාන්පිටි, ලුණු සහ වතුර එකතුකර බැටර් එකක් සාදා ගන්න. සාදාගත් මිශ්‍රනයෙන් පොඩි බෝල සාදා බැටරයේ ගිල්වා රත්වූ පසු ගැඹුරු තෙලේ බැඳ ගන්න.