අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි ග්‍රෑම් 600
- පැණි කෝප්ප 1 1/2
- සීනි ග්‍රෑම් 350
- කජු ග්‍රෑම් 200
- වැනිලා තේ හැඳි 2
- තෙල් තේ හැඳි 3
සාදාගන්නා ආකාරය
හාල්පිටි කබලේ බැද පසෙකින් තබන්න. තෙල් රත්වූ තාච්චියකට කැබලි කපාගත් කජු දමා රන්වන් පැහැ වනතුරු බැදගන්න. වෙනත් භාජනයකට පැණි හා සීනි උණුකර පත් පැණි පදමට ආ විට එයට කජු ටික දමා හැඳිගාන්න.
මෙයටම වැනිලාද එක්කර හොඳින් මිශ්‍රකර මද ගින්නේ බැදගත් පිටි ටිකෙන් ටික එක්කර හොඳින් මිශ්‍රකර ගොරෝසු මිශ්‍රණයක් සාදාගන්න. මිශ්‍රණය පිටි ඉසගත් ලෑල්ලක් මතට දමා අඟලක ඝනකමට තුනීකර උඩින් පිටි ඉසිමින් කැබලි කපා ඝණ වනතුරු තබන්න.