අවශ්‍ය ද්‍රව්‍ය
- මිල්ක් මේඩ් ග්‍රෑම් 510
- සීනි ග්‍රෑම් 500
- බැදගත් කජු ග්‍රෑම් 80
- බැදගෙන කොටාගත් එනසාල් ඇට 10
- වැනිලා තේ හැඳි 1
- බටර් ග්‍රෑම් 15
- මිල්ක් මේඩ් ටින් එකකට පුරවා ගත් ජලය 1/3
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා එයට මිල්ක් මේඩ්, සීනි සහ වතුර එකතුකර මද ගින්නෙ නොකඩවා ලී මිටකින් කවලම් කරගන්න. විනාඩි 17 ක් පමණ කලවම් කර එනසාල්, කජු, බටර් සහ වැනිලා දමා කලවම් කරගන්න. මිශ්‍රණය නිවැරදි පදමට පැමිණි පසු ට්‍රේ එකට දමා තුනී කර කෑලි කපාගන්න.