අවශ්‍ය ද්‍රව්‍ය
කිරි මිලි ලීටර් 500
කෝන් පිටි මේස හැඳි 3
ඉන්ස්ටන් කෝපි කුඩු මේස හැඳි 2
වතුර මේස හැඳි 2
සීනි මේස හැඳි 4
සාදාගන්නා ආකාරය
කිරිවලින් ස්වල්පයක් ගෙන එයට කෝන් පිටි දියකර පසෙකින් තබන්න. කෝපි කුඩු සමඟ කලවම් කර ගන්න. භාජනයක් ළිප තබා ඉතිරි කිරි ටික රත් වෙන්න හැර දිය කරගත් කෝපි එක් කර කලවම් කර පසුව සීනි එක් කරගන්න.
සීනි දිය වූ පසු දිය කරගත් කෝන් පිටි එකතු කර උකු වනතුරු හැඳි ගාමින් මිශ්‍රණය ඝන වනවිට බටර් තැවරූ භාජනයකට මිශ්‍රණය දමා නිවෙන්නට හැර ශීතකරණයේ තබා පිළිගන්වන්න.