අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා පොඩි කරගත් මාළු ග්‍රෑම් 500
- තම්බාගත් අල
- අමුමිරිස්
- ලූනු අවශ්‍ය පමණට
- පාන් පෙති 20
- බිත්තර 2
- පාන්කුඩු
- රස අනුව ලුණු සහ ගම්මිරිස්
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
පාන් පෙති 6 ක් ගෙන රෝලින් පින් එකෙන් තුනී කරන්න. පසුව බිත්තරයක් කඩා එයට ලුණු දාමා හොඳින් මිශ්‍රකර එයට මාළු, අල, අමුමිරිස්, ලුණු, ගම්මිරිස් මිශ්‍ර කර කට්ලට් පේස්ට් එක සාදාගන්න.
පාන් පෙත්තේ මැදට එයින් ස්වල්පයක් තබා රෝල් කර අයින්වල බිත්තර සාරු ගාලා හොඳින් අලවගන්න. ඉන්පසුව එය බිත්තර සාරුවල දවටා එහෙම නැත්නම් පාන් පිටි බැටර් එකක දවටා පාන් කුඩු වලත් දවටගන්න. අවසානයේ ගැඹුරු තෙලේ විනාඩියක් බැද ආහාරයට ගන්න.