අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් ඉඳුණු ලොකු තක්කාලි
- සුදුලූනු බික් 5 – 6
- ඔලිව් ඔයිල් මේස හැඳි 4
- තක්කාලි පේස්ට් මේස හැඳි 4
- තක්කාලි සෝස් මේස හැඳි 3
- සීනි මේස හැඳි 4
- රතු පාට වයින් වර්ගයකින් කෝප්ප 1/2 ඔරිගානෝ, බැසිල් හෝ තයිම් යන වර්ග තුනෙන් තේ හැඳි 2 – 3
- ගම්මිරිස් තේ හැඳි 1
- බේ ලීෆ් 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
තක්කාලි හා සුදු ලූනු සිහින්ව කපාගන්න. පෑන් එකක් ළිප තබා එයට ඔලිව් ඔයිල් දමා මද ගින්දරේ රත් කර කපා ගත් සුදුලූනු දමා බැද විනාඩියකට පමණ පසුව වයින් ටික එකතු කරගන්න.වයින් ටික හොඳින් උතුරන විට කපාගත් තක්කාලි, තක්කාලි පේස්ට්, තක්කාලි සෝස්, ලුණු, සුදුලූනු, ගම්මිරිස්, සීනි, සීසනින් පවුඩර් හා බේ ලීව්ස් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
මද ගින්දරේ හැඳි ගාමින් තක්කාලි කෑලි තැම්බෙන තුරු විනාඩි 15 – 20 ක් පමණ පිස ළිපෙන් ඉවත් කර සෝස් එක හොඳින් නිවෙන්නට තබා බ්ලෙන්ඩ් කරගන්න.බ්ලෙන්ඩ් කරගත් සෝස් එක නැවතත් ළිපේ තබා විනාඩි 2 – 3 ක් රත් කර ගන්න.