නිවසක් දහවල් කාලය තුළ වගේම රාත්‍රී කාලය තුළත් සුන්දරව දැකගැනීමට නම් අප විසින් නිවසට ලබාදෙන විදුලි ආලෝකය නිවැරදිව ලබාදීම කළ යුතුයි. ඒ ගැන අවබෝධය අඩු බව දක්නට ලැබෙන්නේ මෑත කාලයේ ඉදි කළ නිවාස තුළයි. අප අද ඒ ගැන නිවැරදි දැනුමක් මේ ලිපියෙන් ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.නිවසක් සඳහා විදුලි ආලෝකය ලබාදීමේදී මූලිකව සැලකිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.
ආලෝකමත් කිරීමට ස්ථානය
ඔබ ආලෝකය ලබාදීමට බලාපොරොත්තුවන ස්ථානයේ දිග පළල අනුව ස්ථානයේ විශාලත්වය. බිත්ති අතර ඇති දුර සහ සිවිලිමට ඇති දුර යන කරුණු ගැන සැළකිලිමත් විය යුතුයි.
යොදාගන්නා කාර්යය
නිදන කාමරයක්ද මුළුතැන්ගෙයක්ද, ආලින්දයක්ද, නිවසෙන් එළියේ ප්‍රදේශයක්ද යන බව මුලින්ම සිහියේ තබාගත යුතුයි. මෙකද ඒ ඒ ස්ථාන සඳහා අවශ්‍ය ආලෝක ප්‍රමාණය වෙනස් වන අතර යෙදිය යුතු විදුලි උපාංගද යම් යම් වෙනස්කම්වලට ලක් වන නිසා. නිදන කාමර සඳහා අඩු ආලෝකයක්ද කුස්සිය වැනි ස්ථාන සඳහා වැඩි ආලෝකයක්ද අවශ්‍ය වෙනවා.
නිවස නිර්මාණය කර ඇති Design එකට මුල්තැන දෙන්න
ඔබේ නිවසේ ගෘහ අභ්‍යන්තර අලංකාරණය සිදු කළ ඇති සංකල්පයට සමානව හා ඊට ගැළපෙන ආකාරයට විදුලි උපාංග තෝරා ගැනීමද කළ යුතුවේ.නූතන නිවාස සංකල්පවලට ඉදිවන නිවාසවලට සරල හැඩතල සහිත නවීන පන්නයේ විලාසිතා සහිත විදුලි බල්බද, සාම්ප්‍රදායික පැරණි නිවාස සඳහා ඊට ඔබින ලී මිශ්‍ර විවිධ මාදලියේ විදුලි බල්බ තෝරාගැනීමද කළ යුතුයි.
සිවිලිමට ඇති උස
ඒ උස අනුව යෙදිය හැකි Light Fittings හි උස නිර්මාණය කළ යුතුයි.වැඩි උසක් ඇති ස්ථාන සඳහා දිග වැඩි එල්ලෙන විදුලි බුබුළු Pendant light යෝදාගන්න පුළුවන්. පඩිපෙළ ආලින්දය වැනි විශේෂ ස්ථාන සඳහාද මෙම වර්ගයේ විදුලි බුබුළු යොදාගැනීමටහැකියාව ඇත.
කෑම මේසයක් වැනි ස්ථානයක් සඳහා Pendant light භාවිත කරන්නේ නම් මේසය උඩ සිට අඟල් තුනත් හයත් අතර අවකාශයක් ඉතිරි කර Light Fittings සවි කළ යුතුයි. එනම් කෑම ගන්නා විට එය එම පුද්ගලයාගේ ඇස් මට්ටමට වඩා උඩින් තිබිය යුතුවෙයි.
වඩා වැදගත් කාරණයක් වෙනුවෙන් නිවසට විදුලි බල්බ තෝරා ගැනීමට පෙර නිවසේ ගෘහ භාණ්ඩ පිළිබඳ මූලික අදහසක් ඇතිව සැලසුම් නිර්මාණය කර ඒ අනුව ආලෝකය අවශ්‍ය වන ස්ථාන, ආලෝකය අවශ්‍ය ප්‍රමාණය සහ ගැනීමට බලාපොරොත්තුවෙන් Light Fittings සවිකිරීමට බලාපොරොත්තු වන ආකාරය ගැන යම් අවබෝධයක් මූලිකවම තිබිය යුතුවේ.වෙළඳපොළේ අපට විදුලි බල්බ වර්ණ කිහිපයක් යටතේ ලබා ගැනීමට හැකියාව පවතී.
Warm white – කහ එළිය
Cool white – සුදු එළිය
Day light – සුදු එළිය
නිවසේ ගෘහ භාණ්ඩ සඳහා ඉතා අලංකාර බවක් හා ඇසට සෞම්‍ය බවක් Warm white මඟින් ලබා ගැනීමට පුළුවන්.
Day light පාඩම් කරන ස්ථාන සහ මුළුතැන්ගේ සඳහා යොදාගැනීමට හැක.
එමෙන්ම නිවසක සඳහා ආලෝකය ලබාගැනීම යොදාගන්නා Light Fittings එක ආලෝක විහිදෙන ආකාරයට පුළුවන් වර්ග වේ.
General light – සමාන ආලෝකය ඒකාකාරය ලබා දී විහිදෙන විදුලි බුබුළු.
Task light – යම් කාර්යයක් කිරීම් සඳහා යොදාගන්න දානය ආවට පමණක් ආලෝකයේ වැටෙන ලෙස අලෝකය ලබාගැනීමට. උදාහරණ ලෙස bed side light, tabel lamp හදුන්වන්න පුළුවන්.
Decorative Light- ස්ථානයක් කැපී පෙනීම සඳහා භාවිත කරන ලයිට් වර්ගයක් වේ.
නිවසක අලංකාරය වැඩිවීම සඳහා විදුලිබුළු නිවැරදි ලෙස යොදා ගැනීම හා නිවැරදි ස්ථානවලට භාවිත කිරීමත් නිවැරදි සම්මිශ්‍රණයක් යටතේ සවිකිරීමද ඉතා වැදගත් වෙයි.එම නිසා ලයිට් පිටින්ග්ස් තැනකම දැකිය යුතු නැහැ විවිධ සමාන ආකාරයට පිටින් තෝරාගැනීමෙන් විවිධත්වය අලංකාර නිවසට ලබා දේ.
එමෙන්ම ආලෝකය විහිදෙන ආකාරයේ වෙනස්වීම් ඇති බැවින් ඒ මගින් ආලෝක රටා උපයෝගී කරගන්නේ හැඩතල නිවාස්තුවල මතු කර ගැනීමට හැකිවේ.ඉදම් දකින විදුලි බුබුළුවලට වඩා වෙනස් බවක් ඔබේ නිවසක් ලබා දී සුන්දර නිවසක් හිමි කරන්නට ඔබට පුළුවන්.
ගොඩනැගිලි සැලසුම් තාක්ෂණවේදී
අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිණී
කවිෂා පෙරේරා
Viharaa HomeDesign
අර්චිත ඉඳුවර ✍️