අවශ්‍ය ද්‍රව්‍ය
- රැයක් පොගවා ගත් උදු ඇට ග්‍රෑම් 250
- සිහින්ව කොටු කපාගත් රට ලූනු ගෙඩි 1
- සිහින්ව ලියාගත් කරපිංචා ඉති 1
- සිහින්ව ලියාගත් අමුමිරිස් කරල් 3-4
- සූදුරු තේ හැඳි 1/2
- කෑලි මිරිස් තේ හැඳි 1/2
- හාල් පිටි මේස හැඳි 1
- ලුණු තේ හැඳි 3/4
- ගම්මිරිස් තේ හැඳි 1/2
සාදාගන්නා ආකාරය
උදුවලට වතුර ස්වල්පයක් එකතු කර හොඳින් ග්‍රයින්ඩ් කර බෝල් එකකට ලුණු එකතු කර හොඳින් විස්ක් කරගන්න. ඉහත සියල්ල එකතු කර හොඳින් කලවම් කර තරමක් පැතලි ෆ්රයින් පෑන් එකකට තෙල් එකතු කර රත් වූ පසු අත් දෙකේ හොඳට වතුර තවරා පිටි ස්වල්පයක් ගෙන බෝල හැඩයට සාදා මැද සිදුරක් සාදා තෙලට දාන්න.