අවශ්‍ය ද්‍රව්‍ය
- ස්ටිම් කරගත් බ්‍රොකලි
- සිහින්ව කපාගත් කුකුල් මස් ග්‍රෑම් 100
- ලූනූ ගෙඩි 1
- මාළු මිරිස් කරල් 2
- තක්කාලි ගෙඩි 1
- රස අනුව ලුණු
- ඔලිව් ඔයිල් හෝ බටර්
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා එයට ඔලිව් ඔයිල් මේස හැඳි 2 ක් එකතු කර එයට ලූනු, තක්කාලි, මාළු මිරිස්, බැදපු කුකුල් මස් එකතු කර තත්පර 30 ක් තෙම්පරාදු කර ස්ටිම් කරන ලද බ්‍රොකලි එකතු කර අවසානයට ගම්මිරිස් කුඩු සහ ලුණු එකතු කර විනාඩියක් පමණ ළිපේ තබා ඉවතටගන්න.