සති තුනක් පුරා නවලියේ පළ වූ කූපනය පුරවා එවා ලබාගත් වැඩිම පාඨක මනාපයෙන් සියනෑ අවුරුදු කුමාරයන් සහ කුමරියන් අතරින් නවලිය ජනප්‍රිය කුමරා සහ කුමරී අභිෂේක ගැන්වීම සිදු වූ අතර එහිදී ඔවුන්ට වටිනා ත්‍යාග පිරිනැමීමක්ද සිදුවිය.
නවලිය ජනප්‍රිය කුමරා ලෙස හරිදු නිශ්ෂංක සහ නවලිය ජනප්‍රිය කුමරී ලෙස සත්සරණී අමරසිංහ අභිෂේක ගන්වන ලද්දේ නවලිය කර්තෘ හරින්දී ලියනගේ සහ ලියානා සන්නාමය බෙදාහරින මෙගා කෙයාරින් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක රුවන් ගුණවර්ධන යන අය විසිනි.
ඔවුන්ට රුපියල් දසදහසක මුදල් ත්‍යාගයක් කාන්තාවන්ගේ ඔසප් වේදනාවට ළඟ සිටිනා ලියානා වෙතින්ද, කොළඹ ගලදාරී හෝටලයෙන් එක් අයෙකුට ඩිනර් වවුචර්ස් දෙක බැඟින්ද, කැන්ඩොස් තෑගි පාර්සලයක් සහ ඩර්මාලයිෆ් වෙතින් තෑගි පාර්සලය බැඟින්ද හිමිවිය. ඊට අමතරව වසරක් පුරා නවලිය පුවත්පත නොමිලේ ලබාදීමක්ද සිදුවිය. නවලිය කුමරිය සඳහා ඔටුන්න පිරිනමන ලද්දේ අර්ජුනා ජුවලරි සහ ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පී ජොනී ගුණසේකර විසිනි.
අර්චිත ඉඳුවර
ඡායාරූප – ඩයන් ප්‍රදීප්