සාමාන්‍යයෙන් නීතියට අනුකූලව දෙමාපිය දූ දරු සම්බන්ධතාවයක් නිර්මාණය වන්නේ නීත්‍යානුකූල විවාහ බන්ධනයක ප්‍රතිඵලයක් වශයෙන්. දෙමව්පියන් සහ දරුවා අතර සම්බන්ධතාවය, දරුවාගේ භාරකාරත්වය, දරුවා පෝෂණය කිරීමේ යුතුකම්, දරුවාගේ සෞඛ්‍යය හා සදාචාරාත්මක වර්ධනය සැපයීමේ වැනි යුතුකම් සහ අයිතිවාසිකම් බලාත්මකවීමට නම් නීතිමය වශයෙන් මව්පිය දූ දරු සම්බන්ධතාවය තහවුරු විය යුතුය.ස්වාභාවික මව හෝ පියා නොවන යම් පුද්ගලයකු තමන්ට සුජාත නොවූ දරුවකු සුජාත දරුවකු මෙන් නෛතික නියෝජිතයත්වය ලබා දෙමින් දරුකමට හදා ගැනිමට ගැනීම කුලවද්දා ගැනීම ලෙසින් හඳුන්වනු ලබයි.
යුවළකට කැමති වෙලාවක දරුවෙක් දරුකමට හදාගැනීමේ හැකියාවක් තිබේද ?
සාමාන්‍යයෙන් පුද්ගලයෙක් හෝ යුවලක් විසින් දරුවෙකු දරුකමට හදා ගැනීම තුළින් පමණක් එකී සම්බන්ධතාවය නෛතික වශමය වශයෙන් බලාත්මක කළ නොහැක. තවත් ආකාරයකින් පවසන්නේ නම් සිද්ධිමය දරුකමට හදා ගැනීමක් හේතුකොටගෙන දරුවකු ඔහුගේ හෝ ඇයගේ ස්වභාවික මවුපියන් සමඟ තිබෙන සම්බන්ධතාවය නිමාවට පත් නොවේ.
ස්වභාවික මව්පිය දූ දරු තත්ත්වය නිමාවට පත් කොට නව මව්පිය දූ දරු තත්ත්වයක් නිර්මාණය කිරීම නිත්‍යානුකූලව සිදුවන්නේ අධිකරණ නියෝගයක් මඟින් දරුකමට හදාගැනීමකදී පමණි. ඒ අනුව අධිකරණ නියෝගයක් මඟින් දරු කමට හදා ගැනීම පිළිබඳ නෛතික කාර්ය පටිපාටිය හා එවැනි නියෝගයක නෛතික ප්‍රතිඵල මෙහි දී සාකච්ඡා කිරීම අරමුණු වෙයි.
යම් හෙයකින් නීත්‍යානුකූල නොවන ලෙස දරුවකු කුලවද්දා ගෙන ඇත්නම් තත්ත්වය කෙබඳු වේද?
එකී දරුවාගේ ස්වභාවික මවු පියන් නැවත තමා වෙත දරුවා ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන්නේ නම් එවැනි විටෙකදී නීත්‍යානුකුල ලෙස දරුවා කුලවද්දා නොගැනීම හේතුවෙන් දරුවා නැවතත් දරුවාගේ ස්වභාවික මව් පියන් වෙත භාරකරන ලෙස නියෝග කිරීමට අධිකරණයට සිදුවේ.
දරුකමට කුලවද්දා ගැනීමේදී දරුවා යනු කවරෙක්ද?
1941 අංක 24 දරුවන් දරුකමට හදා ගැනීමේ ආඥා පනත යටතේ දරුවා යනු ගැහැනු හෝ පිරිමි භේදයකින් තොරව අවුරුදු 14 ට අඩු තැනැත්තෙකු වේ. එනම් ශ්‍රී ලංකාවේ බලපවත්නා දරුකමට හදා ගැනීමේ නීති අනුව අවුරුදු 14 ක් ඉක්ම වූ තැනැත්තෙකු දරුකමට හදා ගත නොහැක.
දරුවකු කුලවද්දා ගැනීම පිළිබදව නියෝගයක් නිකුත් කළ හැක්කේ කාටද?
1981 අංක 71 දරණ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත අනුව වර්තමාන දිසා අධිකරණය පවුල් අධිකරණය ලෙස සලකා, බාලවයස්කරුවන් පිළිබඳ මූලික සහ අනන්‍ය අධිකරණ බලය ( Exclusive Jurisdiction ) දිසා අධිකරණයට හිමිකර දී ඇත. තවද අධිකරණ සංවිධාන පනත 25 වන වගන්තිය යටතේ දරුවන් සහ බාල වයස්කරුවන් සම්බන්ධයෙන් කාරණාවලදී දිසා අධිකරණයට අධිකරණ බලය ලබාදී ඇත.
එමෙන්ම දරුකමටට හදා වඩාගැනීමේ ආඥා පනතේ 13 (1) උප වගන්තිය අනුව පවුල් අධිකරණය නිසි අධිකරණ බලය ඇති අධිකරණය ලෙස දක්වා ඇති අතර, මෙහිදී ඉල්ලුම්කාර දරුවා පදිංචිව සිටින දිසා අධිකරණ බල සීමාව තුළ නඩු පැවරීම කළ යුතු බවත් දක්වා ඇත.
දරුකමට හදාගත හැක්කේ කවුරුන්ද?
17 වගන්තිය : අවුරුදු 14 ට වඩා වයසින් අඩු තැනැත්තන්. 3(5) වගන්තිය : අවුරුදු 10 ට වඩා වැඩි දරුවෙකු නම් දරුවාගේ කැමැත්ත විමසිය යුතුය’ (නමුත් දරුවා කැමැත්ත පල කළද දරුවාට අගතියක් සිදු වේ යයි අධිකරණය සිතන්නේ නම් දරුකමට හදාගැනීමේ නියෝගයක් ලබා නොදී සිටිය හැකිය )
3(6) වගන්තිය : දරුවා ශ්‍රී ලංකාවේ පදිංචි අයෙකු විය යුතුය.දරුවෙකු කුලවද්දා ගැනීමේ නියෝගයක් ලබා දෙනුයේ දෙදෙනකුට වැඩි ප්‍රමාණයක අයදුම් අයදුම් කරුවන් සිටී නම් පමණි.
එනම් බොහෝ විට කුලවැද්දීමේ නියෝගයක් කරනුයේ විවාහක යුවළකගේ ඉල්ලීමක් සලකා ය.3 (1)a වගන්තිය අනුව අයදුම් කරන පාර්ශ්වය අවුරුදු විසි 25 ට අඩු නම් හා 3(1)b වගන්තිය අනුව අයදුම් අයදුම්කරු දරුකමට හදා ගැනීම සඳහා ඉල්ලා සිටින දරුවා අතර වයස් පරතරය අවුරුදු 21 ට වඩා අඩු නම් දරුවකු කුලවද්දා ගැනීමේ නියෝගයක් ලබාගත් නො නොහැකි බව පනතේ සඳහන් වේ.
නමුත් වෙනත් විවාහයක පියෙකුට හෝ මවකට දාව අයදුම්කරුගේ භාර්යාවකගේ හෝ ස්වාමි පුරුෂයාගේ දරුවෙකුගේ නම් හෝ අදාළ දරුකමට හදාගැනීම සඳහා ඉල්ලුම්කරනු ලබන දරුවා අයදුම්කරුගෙන් සෘජුව පැවත එන්නෙක් නම් හෝ අයදුම්කරුට ලේ ඥාති හෝ ඥාති සම්බන්ධතාවක් ඇති දරුවෙකු ලෙස පැවත එන්නෙක් නම් හෝ එවිට දරුවා හා කුලවද්දා ගැනීමට කැමති වැඩිහිටි පුද්ගලයා අතර වයස් පරතරය අවුරුදු 21 ට වඩා අඩු වීම තුළ අධිකරණය විසින් කුලවද්දා ගැනීමේ නියෝගයක් ලබා නොදී සිටින්නේ නැත.
උදාරණයක් වශයෙන් තම වැඩිමහල් සහෝදරයාගේ දරුවා තම සහෝදරයාගේ අවෑමෙන් පසුව දරුකමට කුලවද්දා ගැනීම සදහා ඉල්ලීමක් කල හැකිය එහිදී දරුවා සහ ඉල්ලුම්කරු අතර වයස අවරුදු 21 ක පරතරයක් පැවතීම අවශ්‍ය නොවේ මන්ද දරුවා අයදුම්කරුගෙන් සෘජුව පැවතෙන්නෙක් වන නිසාවෙනි.
යුවළක් නොමැතිව පිරිමි පුද්ගලයකුට දරුවකු කුලවද්දා ගැනීම සදහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතීද?
3(2) වගන්තිය අනුව දරුකමට හදා හදා ගැනීම සඳහා පිරිමියෙකු කම පමණක් තනිව අයදුම් කරන අවස්ථාවකදී ඔහු අයදුම් කරන්නේ ගැහැනු දරුවකු අරන් හදා ගැනීමට නම් එවන් විටෙක කුලවද්දා ගැනීමේ නියෝගයක් අධිකරණය විසින් ලබා නොදීමට එය හේතුවක් වේ.නමුත් විශේෂ අවස්ථාවලදී එනම් දරුකමට හදාගැනීමේ නියෝගයක් නිකුත් කිරීම සාධාරණ වන අවස්ථාවලදී කුලවැද්දීමේ නියෝගයක් එවන් පුද්ගලයෙකුට වුවද දෙනු ලබයි.
නිදසුනක් වශයෙන් සරත් පිරිමියෙකි. ඔහු මාලනී නම් තැනැත්තිය සමග විවාහ නොවී සංවාසයේ යෙදීමේ ඵලයක් ලෙසින් මාලනීට විවාහයෙන් බැහැර දරුවෙකු වූ සමන්මලී නම් දියණියක් උපත ලබයි.
එවිට සරත් විවාහයකින් පරිබාහිරව බිහිවූ දරුවෙකු වන සමන්මලීගේ අවිවාහක පියාය.මාලනී විසින් දරුවාව සරත්ට දරුකමට හදාගැනීමට දීමට කැමති වේ. සරත් දරුකමට හදා හදාගන්නා තනි පුද්ගලයා ලෙස සිය දරුවා වන සමන්මලී නම් දියණියව දරුකමට හදා ගැනීමට අවසර දීමට අධිකරණයට හැකිය.
එසේම අරන් හදා ගැනීමට නියමිත දරුවාගේ භාරකාරිත්වය කලක් දරමින් සිටි යම් පිරිමියෙකු විසින් එම දරුවා දරුකමට හදාගැනීමට අයදුම් කර ඇති විටෙක අයදුම්කරු පිරිමි පුද්ගලයෙකු වීමත් අරන් හදා ගැනීමට යන දරුවා ගැහැනු දරුවකු වීමත් යන විටෙක අයදුම්පත ප්‍රතික්ෂේප කිරීම නොකරනු ලබයි.
භාරකරුවන්ගේ කැමැත්ත
දරුකමටට හදා ගැනීම සඳහා කරන ඉල්ලීමකදී සාමාන්‍යයෙන් දරුවාගේ ස්වභාවික මවුපියන් භාරකරුවන් හෝ පරිපෝෂණය සැපයීමේ යුතු කමින් බැඳී සිටි අයගේ කැමැත්ත තිබේදැයි අධිකරණය විසින් සොයා බලනු ලබයි.යම් හෙයකින් දරුකමට හදා ගැනීම සඳහා නියමිත දරුවා විවාහයෙන් බැහැරව උපන් දරුවෙකු නම් එවන් විටෙක ඒ දරුවාගේ මවට දරුවා කෙරෙහි පූර්ණ බලයක් හිමිවේ.
පියෙකු සහ දරුවාත් අතර නෛතික සම්බන්ධතාවය නෛතික ලියවිල්ලකින් සනාථ කළ යුතු නමුත් මව හා දරුවා අතර සම්බන්ධතාවය සනාථ කිරීම සඳහා එවන් නෛතික ලියවිල්ලක් අවශ්‍ය නොවේ. මව අවජාතකයෙක් බිහි නොකරයි යන්න එයට පාදක වූ මූලධර්මයයි.
එවන් දරුවෙකුව දරුකමට හදාගැනීමට යමෙක් අධික අධිකරණයට අයදුම් කර ගැනීමට යමෙක් අධිකරණයට අයදුම් කර ඇති විටෙක ඔහු හෝ ඇය විසින් එකී අවිවාහක දරුවාගේ මවගේ කැමැත්ත අනිවාර්යෙන්ම ලබාගත යුතුය.
දරුවා කුලවද්දා ගැනීම සඳහා වෙනත් පුද්ගලයෙකුට දීම සම්බන්ධව එකී දරුවාගේ ස්වභාවික පියාට එහිදී කිසිදු පියවරක් ගත නොහැක. ඊට කැමැත්ත දීමට හෝ කැමැත්ත නොදීමට ඒ ස්වභාවික පියාට හැකියාවක් නොමැත.සාමාන්‍යයෙන් දරුවාගේ ස්වභාවික මවුපියන් භාරකරුවන් හෝ පරිපෝෂණය සැපයීමේ යුතුකමින් බැඳී සිටින අයගේ කැමැත්ත අවශ්‍ය වේ.
ඔවුන්ගේ කැමැත්තක් නොලැබේ නම් දරුකමට හදා ගැනීමට වන නියෝගය අධිකරණයෙන් නිකුත් නොකරයි. නමුත් එවන් භාරකරුවකු හෝ ස්වභාවික මව්පියන් සොයා ගත නොහැකි නම් හෝ සිහිවිකල හෝ මානසික රෝගයකින් යුතු වේ නම් හෝ දරුවා හැරදමා ගොස් ඇත්නම් හෝ දරුවාව නඩත්තු කිරීමට යුතුකමක් තිබුණත් නඩත්තු නොකරයි නම් හෝ වෙනත් පිළිගත් හැකි හේතුවක් මත කැමැත්ත ලබා ගැනීම නොසලකා හැරිය යුතු පුද්ගලයකු බවට අධිකරණය තීරණය කරන විට අධිකරණය විසින් දරුවාගේ ස්වභාවික මව්පිය හෝ භාරකරුවන්ගේ කැමැත්ත අවශ්‍ය වීමේ කොන්දේසියය බැහැර කළ හැකි බවට පනතේ සඳහන් වේ.
කුලවද්දා ගැනීමකදී ඉල්ලුම්කරනු ලබන පාර්ශ්වයන්ගේ කැමත්ත කෙසේ විය යුතුද?
කලත්‍රයන් දෙදෙනාගෙන් එක් අයෙක් කුලවැද්දීමේ අයදුම් කරුවෙකු ලෙස දරුවෙකු දරුකමට හදා ගැනීම සඳහා අධිකරණයක්ක් ඉල්ලා සිටින්නේ නම් අනෙක් කලත්‍රයා එකී ඉල්ලීමට කැමැත්ත නොදක්වන්නේ නම් අධිකරණය විසින් කුලවැද්දීම සඳහා නියෝගයක් නිකුත් නොකරයි.
නමුත් ඉල්ලුම් කාර කලත්‍රයා හැර අනෙක් කලත්‍රයාගේ කැමැත්ත නොසලකා හැරීමට හැකිවන සාධක පවතී. අනෙක් කලත්‍රයා මානසික ආබාධයකින් යුතු නම් හෝ ඉල්ලුම් කාර කලත්‍රයා ගෙන් අනෙක් කලත්‍රයා අධිකරණමය වෙන්වීමේ නියෝගයක් ලබා ඇත්නම් හෝ යන කරුණු මත එම ඉල්ලූම්කාර කලත්‍රයා නොවන අනෙක් කලත්‍රයාගේ කැමැත්ත අධිකරණය විසින් නොසලකා හරිනු ලබයි.
නීතීඥ සුපුන් සිරිවර්ධන
Aal.supunsiriwardhana@gmail.com