අවශ්‍ය ද්‍රව්‍ය
- නිවිති කොළ ග්‍රෑම් 100
- සිහින්ව කපාගත් රතු ලූනු ග්‍රෑම් 50ට
- සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 3
- සිහින්ව කපාගත් සුදුලූනු බික් 5
- ගොරකා කැබලි 4
- අබ තේ හැඳි 1/4
- කහකුඩු තේ හැඳි 1/4
- මිරිස්කුඩු තේ හැඳි 2
- අමුතුනපහ තේ හැඳි 1
- මිටිකිරි කෝප්ප 1 1/2
- පොල්තෙල් මේස හැඳි 2
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
සෝදා පිරිසිදු කරගත් නිවිති වතුර බේරිමට පැත්තකින් තබන්න. මැටි ඇතිලියක් ළිප තබා රත්වන විට පොල්තෙල් එකතුකර එයට අබ එකතුකර අබ පුපුරන විට ලූනු, සුදුලූනු සහ අමුමිරිස් එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න.
එයටම කහකුඩු, මිරිස්කුඩු සහ තුනපහකුඩු එකතුකර කලවම් කරගන්න. දැන් එයට නිවිතිකොල එකතුකර හොඳින් කලවම් කර ගොරකා, මිටිකිරි සහ ලුණු දමා හොඳින් කලවම් කර පිසගන්න. වතුර හිඳිගෙන එනවිට ළිපෙන් ඉවත් කරගන්න.