අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා කැබලිවලට කපාගත් අල ගෙඩි 2
- තෙල් මේස හැඳි 1 1/2
- සිහින්ව කපාගත් ලූනු ගෙඩි 2
- කරපිංචා ඉති 2
- රම්පෙ කොළ 1
- කුරුඳු පොතු කැබැල්ලක්
- කහ කුඩු තේ හැඳි 1/4
- රස අනුව ලුණු
- කෑළි මිරිස් මේස හැඳි 1- 2
- මිරිස් කුඩු තේ හැඳි 1/4
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4
සාදාගන්නා ආකාරය
අලවලට ලුණු, මිරිස් කුඩු, කෑළි මිරිස් සහ ගම්මිරිස් කුඩු එකතුකර කලවම් කරගන්න. තෙල් රත්වූ පෑන් එකකට ලූනු, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු, කහ කුඩු සහ ලුණු එකතු කර හොදින් බැදගන්න. එයට සීසන් කරගත් අල එකතු කර හොඳින් කලවම් කරගන්න.